ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මුල්‍ය අමාත්‍ය Mathias Cormann දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කරයි

Mathias Cormann has been selected as the new head of the OECD.

Mathias Cormann has been selected as the new head of the OECD. Source: AAP

වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මුල්‍ය අමාත්‍ය Mathias Cormann දේශපාලනයෙන් සමුගන්නා බව නිවේදනය කරයි.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දීරගතම කලක් මුල්‍ය අමාත්‍ය ධුරය දැරූ Mathias Cormann මේ වසර අගදී දේශපාලනයෙන් සමුගන්නා බව පැවසුවේය.

Cormann ගේ දේශපාලනය ඔස්ට්‍රේලියානු දේශපාලනයට සැබෑ වෙනසක් එක් කළ බව ඔහුගේ සමුගැනීම පිළිබඳව අදහස් දක්වමින් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

එමෙන්ම භාණ්ඩාගාරික අමාත්‍ය  Josh Frydenberg ද ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton ද ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩ නිකුත් කර තිබේ.

මේ අතර Mathias Cormann  “බලවත් විරුද්ධවාදියෙකු සහ විශ්වාසවන්ත සගයකු” බව ඔහුගේ දීර්ග කාලීන දේශපාලන ප්‍රතිවාදියා වූ කම්කරු පක්ෂයේ සෙනට් සභික Penny Wong පැවසුවාය.

Cormann  යනු ඔස්ට්‍රේලියානු දේශපාලනයේ සැමවිටම තමන් ගරු කරන චරිතයක් බව කම්කරු පක්ෂ නායක Anthony Albanese පැවසීය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now