සරම්ප සහ COVID වල පොදු රෝග ලක්ෂණ, නිවාඩුවේදී විදෙස් සංචාරවල නිරතවන අයට රජයෙන් දුන් නවතම සංචාරක උපදෙස් මෙන්න

ඔස්ට්‍රේලියාව 2014 දී සරම්ප නිල වශයෙන් තුරන් කරන ලදී. කෙසේ වෙතත්, මේ වසරේ, විදේශීය සංචාරකයින් සහ ආපසු පැමිණෙන ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් හරහා සරම්ප රෝගය ඇති බවට තහවුරු වූ ආසාදිතයින් 7 ක් වාර්තා කර ඇත.

Incoming passengers are screened by police at Brisbane Airport

'Measles and COVID have common symptoms': Here's your latest travel advice amidst global outbreaks Source: AAP

සරම්ප, ඉන්ෆ්ලුවෙන්සා සහ COVID-19 හි මුල් රෝග ලක්ෂණ සමාන බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.



රෝග ලක්ෂණ ඇති පදිංචිකරුවන්ට ඔවුන්ගේ COVID-19 පරීක්ෂණය ඍණාත්මක නම් සහ ඔවුන් තුළ බිබිලි/ කුෂ්ඨයක් වර්ධනය වී ඇත්නම් සරම්ප සඳහා පරීක්‍ෂා කර ගන්නා ලෙස උපදෙස් දෙයි.



උණ, දරුණු කැස්ස සහ conjunctivitis ඉන් පසුව හිසේ සහ බෙල්ලේ සිට ශරීරයේ අනෙකුත් කොටස් දක්වා පැතිරෙන රතු ලප කැසීම සරම්ප රෝගයේ සායනික ලක්ෂණ වේ.



ආසදිතයෙකුට නිරාවරණය වීමෙන් දින හතේ සිට 18 දක්වා රෝග ලක්ෂණ වර්ධනය විය හැකි අතර ආසාදිත පුද්ගලයෙකු එම ප්‍රදේශයෙන් පිටවී පැය දෙකක් දක්වා පරිසරයේ වයිරසය ක්‍රියාකාරීව පැවතිය හැකිය.



නිවැසියන්ට සරම්ප හේතුවෙන් නියුමෝනියාව සහ අනෙකුත් දරුණු සංකූලතා ඇති විය හැකි බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton පැවසුවේය.



"සරම්ප රෝගය නිසා දරුවන්ව රෝහල් ගත කිරීමට සිදු විය හැකියි. ඔබ යම් රෝග ලක්ෂණයක් දුටුවහොත් කරුණාකර වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න, විශේෂයෙන් ඔබ මෑතකදී විදේශයක සිට ආපසු පැමිණ තිබේ නම් එය වඩාත් සැලකිලිමත් විය යුතු තත්ත්වයක්" යනුවෙන් මහාචාර්ය Brett Sutton පැවසීය.



———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese



SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala



SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



———————————————————————————

ඔස්ට්‍රේලියානුවන්ට අවදානමක්

ඔස්ට්‍රේලියාව 2014 දී සරම්ප නිල වශයෙන් තුරන් කළ නමුත් තවමත් සීමිත සම්ප්‍රේෂණයක සහ කුඩා සිට මධ්‍යස්ථ ප්‍රමාණයේ පැතිරීමේ අවදානමකට මුහුණ දෙන බව සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව පැවසුවේය.



"සරම්ප තවදුරටත් මෙහි හටගැනීමට ඉඩක් නොවූවත්, විදේශීය අමුත්තන් සහ ආපසු පැමිණෙන පදිංචිකරුවන් හරහා ඔස්ට්‍රේලියාවට මෙම රෝගීන් පැමිණීම නොකඩවා දකිනවා," දෙපාර්තමේන්තුව SBS වෙත පැවසීය.



සරම්ප වැළැක්වීම සඳහා එන්නත් කිරීම හොඳම ක්‍රමය වන අතර, ඔස්ට්‍රේලියාවේ සරම්ප වලට එරෙහිව ඉහළ ප්‍රතිශක්තිකරණ අනුපාතයක් (අවුරුදු දෙකක ළමුන් සඳහා 93.5%) ඇති බවද සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව SBS වෙත පැවසීය.

සංචාරක උපදෙස්

ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතර ජනප්‍රිය ඇතැම් රටවල ප්‍රතිශක්තිකරණ ආවරණය පහත වැටී ඇති බැවින් උත්සව සමයේ විදේශ ගතවන ඔස්ට්‍රේලියානුවන් සරම්ප සහ පෝලියෝ අවදානම සලකා බැලිය යුතු බව ඔස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly පැවසුවේය.



"ඉහළ බෝවන රෝග පවතින ඕනෑම රටකට යාමට පෙර ජනතාව සරම්ප සහ පෝලියෝ වලට එරෙහිව සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ලබා ඇති බවට සහතික විය යුතුයි" යනුවෙන් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.



සරම්ප බහුලව දක්නට ලැබෙන රටවල් අතර ඉන්දියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, පිලිපීනය සහ තායිලන්තය ඇතුළත් වන බවද ඔහු සඳහන් කළේය.



එය ඇතැම් මැද පෙරදිග රටවල සහ අප්‍රිකාව පුරා ද පැතිර ඇත. මෑත වසරවලදී යුරෝපයේ, එක්සත් රාජධානියේ සහ උතුරු සහ දකුණු ඇමරිකාවේ පැතිරීම් සිදුවී ඇත.


ප්‍රතිශක්තිකරණය

1966 දී හෝ ඊට පසු උපත ලැබූ සහ සරම්ප එන්නත් මාත්‍රා දෙකක ලේඛනගත සාක්ෂි නොමැති පුද්ගලයින් අවදානමට ලක්ව ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පැවසුවේය.



"එන්නත් නොකළ ළදරුවන්ට සරම්ප වැළඳීමේ අවදානම වැඩියි" යනුවෙන් එහි සඳහන් වේ.



"සරම්ප ආවේණික හෝ සරම්ප පැතිර යන රටවලට විදේශගත වීමට පෙර මාස හයක් තරම් කුඩා ළදරුවන්ට සරම්ප-මැම්පස්-රුබෙල්ලා (MMR) එන්නත ලබා ගත හැකියි," එය වැඩිදුරටත් සඳහන් කළේය.



එන්නත් මාත්‍රා දෙකක් එන්නත් කළ පුද්ගලයින්ගෙන් 99% කටම සරම්ප රෝගයට එරෙහිව ජීවිත කාලය පුරාම ආරක්ෂාව සපයන බව මහාචාර්ය Kelly පැවසුවේ



මීට පෙර සරම්ප ආසාදනය වූ පුද්ගලයින් හටද මෙහි ප්‍රතිශක්තිකරණය හිමිවේ.



ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන් කාලසටහනේ (NIP) කොටසක් ලෙස ඔස්ට්‍රේලියාව MMR එන්නතෙහි පළමු මාත්‍රාව වයස මාස 12 දී ලබා දෙයි.



ළදරුවෙකුට විදේශගත වීමට පෙර (උදා: මාස අටකදී) MMR එන්නතෙහි මුල් මාත්‍රාව ලබා ගන්නේ නම්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, NIP කාලසටහනට අනුකූලව ඔවුන් තවමත් ඔවුන්ගේ සාමාන්‍ය මාස 12 සහ මාස 18 මාත්‍රාව ලබා ගැනීමට අවශ්‍ය වේ.



රම්ප රෝගයෙන් පීඩාවට පත් ප්‍රදේශවල මාස හයත් 12ත් අතර ළදරුවන් සඳහා MR එන්නත නොමිලේ ලබාදෙයි.



Medicare ඇති පදිංචිකරුවන්ට ළමා කාලයේ දී ඔවුන්ගේ නිර්දේශිත NIP එන්නත් මග හැරුණහොත් ඔවුන්ට වයස අවුරුදු 20 වන තෙක් නොමිලේ එන්නත් ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසුවේය.


Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service