ඔස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ පනත් කෙටුම්පතට සෙනට් සභාවේ අනුමැතිය.

Media shake-up as broadcasting laws pass parliament

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණයට අදාළ පනත් කෙටුම්පත ඊයේ ඔස්ට්‍රේලියානු සෙනට් සභාවේදී සම්මත විය.

මෙම ප්‍රතිසංස්කරණ වලට අනුව මාධ්‍ය ලෝකයේ දැවැන්තයින් වන Netflix සහ Google වැනි ආයතන සමග ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය වලට තරග කිරීමට පසුබිමක් සැකසෙන අතර ජනමාධ්‍ය සමාගමකට රූපවාහිනී ආයතනයක්, ගුවන් විදුලි ආයතනයක් සහ පුවත් පතක් ක්‍රියාත්මක කිරීමට අවසර ලැබේ.

එමෙන්ම, මීට පෙර මෙරට ජනමාධ්‍ය ආයතන සඳහා පනවා තිබූ ශ්‍රාවක, ප්‍රේක්ෂක සහ පාඨක විහිදුම වන ජනගහනයෙන් 75% සීමාව ඉක්මවා යාමටද මෙම නව ප්‍රතිසංස්කරණ වලින් අවසර ලැබේ.

මෙරට ජනමධ්‍ය වල හිමිකාරීත්වය පිළිබඳ නීති ලිහිල් කරමින් සම්මත වූ මෙම පනතට පක්ෂව ඡන්ද 31 ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 27 ක් හිමිවී තිබුණි.

වත්මන් ජනමාධ්‍ය පරිසරය තුළ ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය සඳහා යහමින් නැගී සිටීමට වටපිටාවක් සැකසීම මෙහි අරමුණ වන බවත් මෙමගින් ජනමාධ්‍ය විවිධත්වයට හානි සිදු  නොවන බවත් ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය අමාත්‍ය  Mitch Fifield, ABC පුවත් සේවයට පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය හිමිකාරීත්වයේ වෙනස්කම් කිරීමට කම්කරු පක්ෂය, ග්‍රීන්ස් පක්ෂය සහ ස්වාධීන සෙනට් සභික Jacqui Lambie විරුද්ධවී තිබේ.

මෙම ප්‍රතිසංස්කරණ මගින් මෙරට ජනමාධ්‍ය පෝෂණය  නොකරන බව ග්‍රීන්ස් පක්ෂයේ නායක Richard Di Natale  පවසයි.

ඔස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණයට අදාළ පනත් කෙටුම්පත ඊයේ ඔස්ට්‍රේලියානු සෙනට් සභාවේදී සම්මත වීමට Nick Xenophon ගේ කණ්ඩායමේ සෙනට් සභිකයින්ගේ ඡන්ද ත්‍රිත්වය රජයට ප්‍රබල වාසියක් විය.

මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ කම්කරු හා ග්‍රීන්ස් පක්ෂ දරන මතය විවේචනය කරමින් අදහස් දැක්වූ Nick Xenophon  කියා සිටියේ වර්තමානයේ ඔස්ට්‍රේලියානු ජනමාධය ඇද වැටී ඇති තත්ත්වයෙන් ගොඩඒමට මෙවැනි ක්‍රියාවලියක් ක්‍රියාවලියක් අවශය බවයි.

සෙනට් සභාවෙන් සම්මත වූ මෙම පනත පහළ මන්ත්‍රණ සභාව වෙත ඉදිරියේදී යොමු කිරීමට නියමිත අතර සංශෝධන ඇත්නම් ඒවා ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියකදී සම්මත කර ගැනීමටද රජය අපේක්ෂා කරයි.

Google සහ Facebook වැනි මාධ්‍ය ආයතන ඩොලර් බිලියන 4 ක පමණ වෙළෙඳ දැන්වීම් ආදයමක් දේශීය ජනමාධ්‍ය වෙළෙඳ පොලෙන් සූරා කන බවත් මෙවැනි ප්‍රතිසංස්කරණ හරහා එවැනි දෑ සඳහා හරස් වීමට ඉඩ ලැබෙන බවත් Nick Xenophon, ABC  පුවත් සේවයට පැවසීය.


2 min read

Published

Updated

By Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now