ඔස්ට්‍රේලියානු නව සෙනට් මණ්ඩලයේ තීරණාත්මක චරිත 11 (SBS/වාර්තා)

නව පනතක් සම්මත කර ගැනීමට වත්මන් රජයට සෙනට් සභාවෙන් ආසන 39 ක අවම ඡන්ද හිමිවිය යුතු අතර ලිබරල් සන්ධානයට මෙවර හිමිව ඇත්තේ සෙනට් ආසන 30ක් පමණි. එම නිසා මෙම සුළු පක්ෂ සහ ස්වාධීන නියෝජිතයන් මෙවර සෙනට් සභාව තුළ තීරණාත්මක චරිත වනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පළ කරයි.

AustralianParliament

AustralianParliament Source: Flickr

ඔස්ට්‍රේලියාවේ නව සෙනට් සභිකයන්ගේ නාම ලැයිස්තුව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලිබරල් සන්ධානයට සෙනට් ආසන 30ක්ද කම්කරු පක්ෂයට ආසන 26ක්ද ග්‍රීන්ස් පක්ෂයට සෙනට් ආසන 9ක්ද හිමිව තිබේ.

පසුගිය සෙනට් ආසන සංඛ්‍යාවත්  සමග සසඳන විට ලිබරල් සන්ධානයට මෙවර සෙනට් ආසන 03ක් අහිමිවී ගොස් තිබේ.

නමුත් මෙවර සුළු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් සෙනට් ආසන ප්‍රමාණය 11 දක්වා ඉහල ගොස් තිබේ. ගියවර ඔවුනට ලබා ගත හැකි වූයේ සෙනට් ආසන 8ක් පමණි.

ආන්දෝලනාත්මක "One Nation" පක්ෂයට මෙවර සෙනට් ආසන 04ක්ද Nick Xenophon ගේ ස්වාධීන කණ්ඩායමට ආසන 03ක්ද මෙවර හිමිව ඇත. මේ අතර ස්වාධීන අපේක්ෂකයන් වන Jacqui Lambie සහ Derryn Hinch හටද එක් සෙනට් ආසනය බැගින් මෙවර හිමිව තිබේ. සුළු පක්ෂ අතරින් Family First, ලිබරල් ඩිමෝක්‍රට් පක්ෂ සඳහාද එක් ආසනය බැගින් හිමිව ඇති බව වාර්තා වේ.

නව පනතක් සම්මත කර ගැනීමට වත්මන් රජයට සෙනට් සභාවෙන් ආසන 39 ක අවම ඡන්ද හිමිවිය යුතු අතර ලිබරල් සන්ධානයට මෙවර හිමිව ඇත්තේ සෙනට් ආසන 30ක් පමණි. එම නිසා මෙම සුළු පක්ෂ සහ ස්වාධීන නියෝජිතයන් මෙවර සෙනට් සභාව තුළ තීරණාත්මක චරිත වනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පළ කරයි.

01. Jacqui Lambie

Tasmanian Senator Jacqui Lambie at a press conference at Parliament House in Canberra on Thursday, Oct. 22, 2015. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Tasmanian Senator Jacqui Lambie Source: AAP

සෙනට් සභාව තුළ කැපී පෙනෙන කාන්තා චරිතයක් වන  Jacqui Lambie ප්‍රථම වතාවට සෙනට් සභාවට පත් වන්නේ  2013 වසරේදීය. ඒ  Palmer United පක්ෂය නියෝජනය කරමිනි. නමුත් පක්ෂය තුළ ඇතිවූ අර්බුදයක් හේතුවෙන් ඇය 2014 අග භාගයේදී  Palmer United පක්ෂ හැර යාමට තීරණය කළාය. එතැන් පටන් ඇය ස්වාධීන අපේක්ෂිකාවක් ලෙස කටයුතු කිරීමට පටන් ගෙන තිබේ.

සම්ප්‍රදායානුකූල ගති පැවතුම් ඇති ඇය ලිබරල් සන්ධානයේ ආර්ථික ප්‍රතිපත්ති පිලිබඳ එතරම් කැමැත්තක් නොදක්වන බවද වාර්තා වේ.

2. Pauline Hanson

Pauline Hanson
Queensland Senator-elect, One Nation's Pauline Hanson Source: AAP

ක්වීන්ස්ලන්තයේ තම  Oxley ආසනය පරාජයට පත්වී වසර 18කට පසුව  Pauline Hanson නැවතත් ඔ ස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලබා තිබේ. ඇය නායකත්වය ලබා දෙන One Nation පක්ෂයට මෙවර සෙනට් ආසන 04ක් හිමිවීමද විශේෂත්වයකි.

දැඩි ලෙස ආන්දෝලනයට තුඩු දෙන ප්‍රකාශ නිකුත් කරන  Hansonගේ සෙනට් සභාව තුළ  මෙවර භූමිකාව දෙස සැවොම අවධානයෙන් සිටියි.

3. Brian Burston

NSW One Nation Senator Brian Burston
NSW One Nation Senator Brian Burston Source: AAP

One Nation පක්ෂය ආරම්භක සමයේම මොහු පක්ෂයට සම්බන්ධ වූ අයෙකි. ඔහු One Nation පක්ෂයේ හිටපු ජාතික අධ්‍යක්ෂක මෙන්ම Cessnock හි හිටපු නියෝජ්‍ය නගරාධිපති ද වෙයි. ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව පිළබඳ මොහු වැඩි උනන්දුවක් දක්වන බව වාර්තා වේ.

4. Rod Culleton

Rod Culleton
Rod Culleton Source: Facebook

බටහිර ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් සෙනට් සභාවට තේරී පත්වුණු මොහුද One Nation පාක්ෂිකයෙකි. නමුත් මොහුට හිමි සෙනට් ආසනය ඔහුට හිමි වේවිද යනුවෙන් මේ වන විට කතා බහක් මතුව තිබේ.

5. Malcolm Roberts

Malcolm Roberts
Malcolm Roberts Source: AAP

One Nation පක්ෂය  නියෝජනය කරමින් මෙවර සෙනට් සභාවට තේරී පත්වූ මොහු ක්වීන්ස්ලන්ත වාසියෙකි. කා අතරත් මොහුව ප්‍රසිද්ධ වී ඇත්තේ කාලගුණික ප්‍රශ්න සහ විපර්යාස පිලිබඳ දැඩිව කතා බහ කරන චරිතයක් ලෙසිනි.

6. Nick Xenophon

Nick Xenophon
South Australian Senator Nick Xenophon speaks at a Small Business summit in Brisbane Source: AAP

Nick Xenophon ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලනයේ කැපී පෙනෙන චරිතයකි. මහජනයාට අදාළ විවිධ මාතෘකා පිලිබඳ නිරන්තරයෙන් කතා බහ කරන මොහු පසු ගිය දින වල වැඩි ප්‍රසිද්ධියක් ලබා ඇත්තේ Murray Darling නදී ප්‍රදේශයේ ජල ආරක්ෂණය පිලිබඳ කතා බහ කරන චරිතයක් ලෙසය.

7. Stirling Griff

Stirling Griff
Stirling Griff Source: AAP

Nick Xenophonගේ ස්වාධීන කණ්ඩායමෙන් සෙනට් සභාවට තේරී පත්වූ Stirling Griff මෙවර මැතිවරණයේදී එම කණ්ඩායමේ ප්‍රවර්ධන කළමනාකරු ලෙසද කටයුතු කළේය. සති අන්ත penalty rates සඳහා විරුද්ධව කතා බහ කරන Griff කියා සිටින්නේ ලිබරල් සන්ධාන රජය penalty rates නැති කිරීමට උත්සාහ දරනාවනම් තමන් එයට සහය දෙන බවයි.

8. Skye Kakoschke-Moore

Skye Kakoschke-Moore
Skye Kakoschke-Moore Source: AAP

Skye Kakoschke-Moore ද Nick Xenophonගේ ස්වාධීන කණ්ඩායමෙන් සෙනට් සභාවට තේරී පත්වූ අයෙකි. මැය 2010 වසරේදී Nick Xenophonගේ ස්වාධීන කණ්ඩායමේ මැතිවරණ නිලධාරිනිය ලෙස කටයුතු කළ අතර මේ වන විට කණ්ඩායමේ නීති සහ ප්‍රතිපත්ති උපදේශකවරිය ලෙස කටයුතු කරමින් සිටියි. ඩාවින් හි උපත ලැබූ මැය 2005 වසරේදී ඇඩිලේඩ් වෙත පදිංචියට පැමිණියාය. ආගමන විගමන කටයුතු පිළිබඳ මැය වැඩි අවධානයක් දක්වන බවද වාර්තා වේ

9. Derryn Hinch

Senator-elect Derryn Hinch prepares to speak at The Press Club in Melbourne, Friday, Aug. 5, 2016. (AAP Image/Tracey Nearmy) NO ARCHIVING
David Jones in Melbourne, Friday, Aug. 5, 2016. (AAP Image/Tracey Nearmy) NO ARCHIVING Source: AAP

සෙනට් මණ්ඩලයට ආධුනිකයෙක් ලෙස පැමිණ සිටින Derryn Hinch ප්‍රවීන ජනමාධ්‍යවේදියකු ලෙස ඉමහත් ප්‍රසිද්ධය. සෙනට් සභාවේ බොහෝ කාරණා වලදී මොහු කුමණ අයුරින් ඡන්දය භාවිත කරාවිද යන්න තවමත් ගැටලුවකි. නමුත් ලිබරල් සන්ධානයේ සමාගම් බදු කපහැරීම් සහ ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවන වැඩ පිළිවෙලවල් සඳහා තමන් සහය පළ කිරීමට අපේක්ෂා කරන බවට ඔහු පුවත් පත් වෙත ප්‍රකාශ කර තිබේ.

10. David Leyonhjelm

Crossbench Senator David Leyonhjelm is seen during a debate at the National Press Club in Canberra, Wednesday, April 6, 2016. (AAP Image/Lukas Coch) NO ARCHIVING
David Leyonhjelm Source: AAP

ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් සෙනට් සභාවට තේරී පත් වූ David Leyonhjelm 2013 වසරේද සෙනට් සභාව නියෝජනය කළ අයෙකි. සෙනට් සභාවට පැමිණීම සඳහා ඇති ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පසුගිය මැතිවරණ සමයේ වැඩි පුරාම හඬ නැගූ පුද්ගලයා බවටද මොහු ප්‍රසිද්ධියක් උසුලයි. නව මැතිවරණ ක්‍රමය මගින් සුළු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට සෙනට් සභාවට පැමිණීමට ඇති අවස්ථාව අවම වීමක් සිදු වන බව එහිදී මොහු පෙන්වා දුන්නේය.

11. Bob Day

Family First Party Senator Bob Day of South Australia poses for a portrait at Parliament House in Canberra on Monday, Feb. 29, 2016.  (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Bob Day Source: AAP

හිටපු කම්කරු පක්ෂ සාමජිකයකු වන Bob Day මෙවර සෙනට් සභාවට තේරී පත්වී ඇත්තේ Family First පක්ෂය නියෝජනය කරමිනි. සෙනට් සභාවට පැමිණීම සඳහා ඇති ඡන්ද ක්‍රමය වෙනස් කිරීමට එරෙහිව මොහිද පසු ගිය දිනවල ප්‍රබල හඬක් නැගූ අයෙකි. 


4 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now