SKIP TO MAIN CONTENT

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ සිද්ධියෙන් මිය ගිය ගණන 19 දක්වා ඉහළට.

Meethotamulla garbage dump collapse
Source: Daily News

2 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ සිද්ධිය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

අතුරුදන්වූවන් සොයා ත්‍රිවිද හමුදාව තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම්වල නිරතව සිටින බව  ද යුද හමුදා මාධ්‍ය  ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

මේ අතර සිද්ධියෙන් තුවාල ලැබූවන් 13 දෙනෙකුද කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව  පොලීසිය සඳහන් ක‍ළේය.

අප්‍රේල් 14 වන දින පස්වරුවේ මීතොටමුල්ලේ කුණු කන්දේ කොටසක් හදිසියේ කඩා වැටීමෙන් මේ තත්ත්වය හට ගෙන ඇත.

සිද්ධිය හේතුවෙන් නිවාස 145කට පමණ හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

පවුල් 180ට අයත් පුද්ගලයින් 625 දෙනෙකු අවතැන්වී ඇති අතර ඔවුන් කොලොන්නාව ටෙරන්ස් ද සිල්වා  පාසලේ සහ අවට ප්‍රජාශාලාවල රැදී සිටින බව ද  පොලීසිය පවසයි.

මේ අතර මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු රජයේ වියදමින් සිදු කිරීමට තීරණය කර තිබේ.

කුණු කන්ද කඩා වැටීමේ සිද්ධිය ස්වභාවික ආපදාවක්ද ?

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමේ සිද්ධිය ස්වභාවික ආපදාවක්ද නොඑසේනම් යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා කණ්ඩායම් කිහිපයක් විමර්ශනවල නිරත වන බව පොලීසිය පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශයේ 10 දෙනෙකුගෙන් සමන්වික විශේෂඥ කණ්ඩායමක් ඒ සඳහා කැඳවා තිබේ.

මීට අමතරව පතල් හා කැණීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හෙවත් සොකෝ කණ්ඩායමක් ද විමර්ශන කටයුතුවල නිරත වන බව වාර්තා වේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now