මැලේසියානු ගුවන් යානය ආපසු හැරවූ ලාංකිකයා උසාවි එන්න බැහැ කියයි.

Plane Hijack

Source: AAP

පසුගිය බදාදා රාත්‍රී මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානය තුලදී කලහකාරී ලෙස හැසිරුණ ශ්‍රී ලංකික ගුවන් මගියා වන  Manodh Marks නැමැත්තා ඊයේ (01/06) මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිත වුවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වෙයි.

Manodh Marks,  මානසික රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලැබුවෙකු බව මීට  පෙර ප්‍රකාශයට පත් වූ අතර, මේ තත්වය යටතේ ඔහු අවදානම් සහගත තත්වයක සිටින නිසා ඔහුට මානසික සෞඛ්‍ය වෛද්‍ය සේවය හැකි ඉක්මනින් අවශ්‍ය බවත් ඒ හේතුවෙන් මේ මොහොතේ ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බවත් අධිකරණයට දැනුම් දී ඇතැයි  ABC මාධ්‍ය ජාලය  වාර්තා කරයි.

ඔහු ශිෂ්‍ය වීසා  මත මෙල්බර්න් නුවර, Dandenong ප්‍රදේශයේ වාසය කල අයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගිය බදාදා (31/05) රාත්‍රියේ මෙල්බර්න් නුවර tullamarine ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට මැලේසියාවේ Kula Lampur බලා ගමන් ඇරඹු MH 128 ගුවන් යානය තුලදී බෝම්බයක් පුපුරවා හරින බවට තර්ජනය කරමින් ගුවන් නියමු කුටියට ඇතුල් වීමට Manodh Marks උත්සාහ දරා තිබේ.

කලහකාරී ලෙස හැසිරුණු මෙම පුද්ගලයා හේතුවෙන් එම ගුවන් යානය නැවතත් මෙල්බර්න් නුවර tullamarine ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩ බැස්සවීමට ගුවන් නියමුවෝ තීරණය කළහ.

පසුව තත්වය පාලනය කරමින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියානු පොලීසිය විසින් කටයුතු කරනු ලැබීය.

Manodh Marks නැවතත් එළඹෙන අගෝස්තු 24 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එතෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.




Share

Published

Updated

By Madhura Seneviratne
Source: ABC Australia

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මැලේසියානු ගුවන් යානය ආපසු හැරවූ ලාංකිකයා උසාවි එන්න බැහැ කියයි. | SBS Sinhala