ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපොළ ඔස්ට්‍රේලියාව ඇතුළු පැසිෆික් කලාපයේ හොඳම ගුවන් තොටුපළ ලෙස සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
එමෙන්ම ලොව හොඳම ගුවන් තොටුපොළ 20 අතරටද මෙල්බර්න් ගුවන් තොටුපොළ පැමිණ තිබේ.
මෙල්බර්න් ගුවන් තොටුපොළ ලොව හොඳම ගුවන් තොටුපොළ 20 අතරට
පැසිෆික් කලාපයේ හොඳම ගුවන් තොටුපළ ලෙස සම්මාන ලැබූ මෙල්බර්න් ගුවන් තොටුපොළ ලොව හොඳම ගුවන් තොටුපොළ 20 අතරට පැමිණ ඇත.
මෙම නම් කිරීම සහ ඇගයීම සිදුකරනු ලැබුවේ ගුවන සේවා කර්මාන්තයේ ඔස්කාර් සම්මානොත්සවය ලෙස හැඳින්වෙන Skytrax සම්මාන උළෙලේදීය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මේ අතර ඔස්ට්‍රේලියාව ඇතුළු පැසිෆික් කලාපයේ හොඳම ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය ලෙස මෙල්බර්න් ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය සම්මානයට පාත්‍ර විය.
ලෝකයේ ගුවන් තොටුපළ 550 ක් පමණ අතරින් මෙවර මෙල්බර්න් ගුවන් තොටුපොළ 19 වන තැනට පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාවේ හොඳම ගුවන් තොටුපළ ලෙස ශ්‍රේණිගත කිරීමට සහ ලොව හොඳම ගුවන් තොටුපොළ 20 අතරට පැමිණීමට ප්‍රධානතම හේතු බවට පර්යන්ත පහසුකම්, ගුවන් තොටුපළ යටිතල පහසුකම් සහ කාර්ය මණ්ඩල පුහුණුව වැඩිදියුණු කිරීම දැක්විය හැකි යැයි මෙල්බර්න් ගුවන් තොටුපොළ ප්‍රධාන විධායක Lorie Argus පැවසීය.
2020 සහ 2021 වසරවලද මෙල්බර්න් ගුවන් තොටුපොළ ඔස්ට්‍රේලියාව ඇතුළු පැසිෆික් කලාපයේ හොඳම ගුවන් තොටුපළ ලෙස Skytrax සම්මානය දිනාගෙන ඇත.
2023 වසර සඳහා ලොව හොඳම ගුවන් තොටුපළ 20
- Singapore Changi
- Doha Hamad
- Tokyo Haneda
- Seoul Incheon
- Paris CDG
- Istanbul
- Munich
- Zurich
- Tokyo Narita
- Madrid Barajas
- Vienna
- Helsinki-Vantaa
- Rome Fiumicino
- Copenhagen
- Kansai
- Centrair Nagoya
- Dubai
- Seattle-Tacoma
- Melbourne
- Vancouver

