SKIP TO MAIN CONTENT

මෙල්බන් නුවර තාවකාලික කොන්ක්‍රීට් බාධක විවිධ මෝස්‌තර වලින් හැඩවී සමාජ ජාල කළඹයි.

Melbourne 'bollart'
Source: Twitter

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ත්‍රස්ත වාහන ප්‍රහාර නැවැත්වීමේ අරමුණින් මීට දින කිහිපයකට පෙර මෙල්බන් නගරයේ පදිකයින් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වල තාවකාලික කොන්ක්‍රීට් බාධක ස්ථානගත කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සහ මෙල්බන් නගර සභාව කටයුතු කළේය.

එම කොන්ක්‍රීට් බාධක අද වන විට විවිධකාරයේ විසිතුරු චිත්‍ර සහ මෝස්‌තර වලින් හැඩගන්වා ඇති බව දැකගන්නට හැකිය.

කිසිවෙකුත් නොදන්නා චිත්‍ර ශිල්පීන් සහ මෝස්‌තර නිර්මාණ ශිල්පීන් විසින් මෙම කටයුතු සිදු කරන්නට ඇතැයි සැක පළ කෙරෙන අතර එලෙස වර්ණවත් වූ කොන්ක්‍රීට් බාධක වල ඡායාරූප මේ දිනවල සමාජ ජාල තුළ වේගයෙන් හුවමාරු  වන බවද දැකගන්නට ලැබේ.

Melbourne 'bollart'
Source: SBS

ඇතැම් දෙනා එම කොන්ක්‍රීට් බාධක වල දිග පළලද සමාජ ජාල තුළ පළ කර ඇති අතර එමගින් ඔවුන් අදහස් කර ඇත්තේ තවත් පුද්ගලයෙකු හට එම කොන්ක්‍රීට් බාධක වලට විසිතුරු ආවරණ නිර්මාණය කිරීමට අදාළ මිනුම් සැපයීමය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now