SKIP TO MAIN CONTENT

මෙල්බර්න් Flinders වීදියේ මෝටර් රථ ප්‍රහාරය සිදුකල රියදුරුට චෝදනා ගොනු කෙරේ.

melbourne car incident
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

පසුගිය බ්‍රහස්පතින්දා (21/12) මෙල්බන් නුවර Flinders වීදිය අසළ මෝටර් රථයක් පදිකයින් වෙත පදවාගෙන යමින් සිදුකිරීමට තැත්කළ ප්‍රහාරයට සම්බන්ධ 32 හැවිරිදි Saeed Noori  නමැති තැනැත්තා හට මිනී මැරීමට තැත් කිරීමේ වරද මත චෝදනා 18 ක් සහ අන්තරායකර හැසිරීම මත එක් චෝදනාවක්ද ගොනු කිරීමට අධිකරණය කටයුතු කර තිබේ.

අධිකරණය හමුවේ පෙනී  සිටීමෙන් අනතුරුව ඔහුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළ බව සඳහන්.

මෙම ප්‍රහාරය සිදුකල Saeed Noori ඇෆ් ඝනිස්ථාන සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු බවට මේ වන විට හඳුනාගෙන තිබේ.

ඔහු මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනු මානසික ව්‍යාධි තත්වයෙන් පසුවුණු පුද්ගලයෙකු බවද හෙළිවී තිබේ.

මෙම සිද්ධියෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබූ බව වාර්තා විය.

මේ අතර Saeed Noori ගේ මව තම පුතණුවන් වෙනුවෙන් පෙනී සිට ඇති බව ද වාර්තා වේ.

කෙසේවෙතත්, එළඹෙන බදාදා ඔහු නැවත මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now