මෙල්බර්න් අවට ලැව්ගිනි දුම්, සිඩ්නි වල ලැව්ගිනි මරණ සහ බටහිර ඔස්ට්‍රේලියාවට කුණාටු : ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි අනතුර ගැන අද අලුත්ම තත්වය මෙන්න

A supplied image obtained on Tuesday, December 31, 2019 showing a firefighting helicopter tackling a bushfire near Bairnsdale in Victoria?s East Gippsland region, Australia. Picture: (AAP IMAGE/State Government of Victoria) NO ARCHIVING

The military have been deployed to assist firefighting efforts in Victoria. Source: Supplied

වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව්ගිනි වලින් අතුරුදහන් වූ සියලුම පුද්ගලයින් ආරක්ෂිතයි.....

වික්ටෝරියා ප්‍රාන්තයේ මලකුටා ප්‍රදේශයේ ඇතිවුනු ලැව්ගිනි හේතුවෙන් මතුව තිබෙන අධික දුමාරය නිසා එම ප්‍රදේශයේ පිළිසරණක් නොමැතිව සිටින 300 ක පමණ පිරිසක් ගලවා ගැනීමට නොහැකිව ඇතැයි වාර්තාවේ. එහි සිටින පිරිස් ගුවන් මඟින් බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක අතර අධික දුමාරය හේතුවෙන් එම මෙහෙයුම් නතර කිරීමට සිදුව තිබේ.

පසුගිය දෙසැම්බර් 31 දා වික්ටෝරියා හි මලකුටා ප්‍රදේශයේ ලැව්ගිනි හේතුවෙන් එහි කොටුවුණු පුද්ගලයින් 1500 කට වැඩි පිරිසක් ආරක්ෂක හමුදා හෙලිකොප්ටර් යානා මඟින් සහ බෝට්ටු මඟින් මුදා ගන්නා ලදී.

කෙසේ වෙතත් මෙලෙස මුදාගැනීමට නොහැකිව එම ප්‍රදේශයේ සිටින 300 ක් පමණ වන දෙනා HMAS Choules නම්වන නාවික යාත්‍රාවෙහි රඳවා අවශ්‍ය මුලික පහසුකම් සැපයීමට අදාල අංශ පියවර ගෙන තිබේ.

මේ වන විට වික්ටෝරියා හි ලැව්ගිනි වලින් අතුරුදහන් වූ සියලුම පුද්ගලයින් ආරක්ෂිත බව සොයාගෙන ඇත.

මෙල්බර්න් නගරයේ ලැව්ගිනි දුමාර පටලය තවත් දින කිහිපයක් පවතින ලකුණු

මේ අතර ලැව්ගිනි වලින් අඛණ්ඩව පිටවන දුමාරය හේතුවෙන් මෙල්බෙර්න් නගරය සහ අවට කලාප වල වාතයේ ගුණාත්මක භාවය ඉතා පහල මට්ටමට බැස ඇතැයි වාර්තා වේ. වාතයේ පවතින මෙම දුමාර තත්වය තවත් දින කිහිපයක් පැවතිය හැකි බව පරිසර ආරක්ෂණ අධිකාරිය අනාවරණය කොට සිටි.

නැගෙනහිර ගිප්ස්ලන්ඩ් ප්‍රදේශයේහි වාතයේ ගුණාත්මක භාවය වඩාත් නරක අතට හැරී ඇති අතර කලාපය තුළ ලැව්ගිනි දුසිම් ගනනක් තවමත් අඛන්ඩවම දැවෙමින් පවතී.

ආරක්‍ෂිත පියවර ලෙසට නිවෙස්වල සියලු දොර ජනේල හැකි සම විටම වසා තබන ලෙසට පාරිසරික විද්‍යාඥ ඇන්ඩ්‍රියා හෙන්වුඩ් මහජනතාවට දැනුම් දී සිටි.

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලැව්ගිනි හේතුවෙන් මියගිය ගණන වැඩිවෙයි.

නිව් සවුත් වේල්ස් හි දකුණු වෙරළ තීරයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන 8 ක් දක්වා ඉහල යයි.

71 හැවිරිදි මෙම පුද්ගලයා දෙසැම්බර් 31 වන දින අපදා ප්‍රදේශයෙන් ඉවත්වීම සඳහා නෙරිගුන්ඩා හි පිහිටි ඔහුගේ නිවසේ තිබු උපකරණ රැගෙන යමින් සිටියදී අතුරුදහන් වී ඇති බව වාර්තා වී තිබිණ. එහෙත් පැවතුනු දරුණු ලැව්ගිනි හේතුවෙන් ගින්නෙන් හානියට පත් ප්‍රදේශයට ළඟා වීමට පොලිසිය අසමත් වූ අතර පසුව සිදුකල සෝදිසි මෙහෙයුම් වලදී ඔහුගේ දේහය, ඔහුගේ නිවස සහ මෝටර් රථය අතර ප්‍රදේශයේ තිබී ඊයේ පස්වරුවේ සොයා ගන්නා ලදී.

මේ වන විට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඇති වූ ගින්නෙන් මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 20 දෙනෙකු ලෙසට වාර්තා වන අතර තවත් අයෙකු අතුරුදහන් වී ඇත.

මේ වන විට ගිනි නිවන භටයින් 2500 ක් පමණ ප්‍රාන්තය පුරා ඇතිව තිබෙන ලැව්ගිනි 135 ක් පමණ නිවීමේ කාර්යයෙහි දී සිටි. එහෙත් ඉන් 70 ක පමණ ලැව්ගිනි සංක්‍යාවක් තවමත් පාලිත තත්වයට යටත් කරලීමට අසමත්ව ඇතැයිද වාර්තාවේ.

බ්ලේක් නිසා බටහිර ඕස්ට්‍රේලියාවේ ගිනි නිවෙන ලකුණු

'බ්ලේක්' ලෙසින් හඳුන්වන නිවර්තන සුළි කුණාටුව බටහිර ඕස්ට්‍රේලියාවේ කිම්බර්ලි සහ පිල්බරා ප්‍රදේශවලට බලපා ඇති බැවින් එම ප්‍රදේශ වලට අධික වර්ෂාව සහ තද සුළං අපේක්ෂා කෙරේ.

මෙම සුළි කුණාටුව, ගින්නෙන් හානියට පත් ප්‍රදේශවලට තද වර්ෂාවක් ගෙන එනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම බ්ලේක් සුළි කුණාටුවෙහි අපේක්ෂිත ගමන් මග බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ගිනිකොන ප්‍රදේශය වන අතර දැනට එම ප්‍රදේශයේ අඛණ්ඩව දැවෙමින් පවතින ලැව්ගිනි මැඩ පැවැත්වීමේ ක්‍රියාවලියට එය මහඟු පිටිවහලක් වනු ඇති බවට අනාවැකි පලකෙරේ.


3 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now