SKIP TO MAIN CONTENT

පෙබරවාරි 15: මෙල්බර්න් Holiday Inn හෝටලය ආශ්‍රිත කොරෝනා පොකුරේආසාදිතයින් 17 දක්වා ඉහළට

Will Victoria’s COVID-19 lockdown be extended?
Will Victoria’s COVID-19 lockdown be extended? Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

දින 5 ක lockdown කාලයේ තුන්වන දිනයට වික්ටෝරියානු ප්‍රාන්තය අද (15/02) එළඹ සිටී.

Holiday Inn හෝටලය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුර පාලනය කිරීම සඳහා මෙම lockdown කිරීම සිදුකළ ද එය ඵලදායී ලෙස ක්‍රියාත්මක වී ඇත්දැයි පැවසීමට තවමත් කල් වැඩි බව බලධාරීහු පවසති.

අද වන විට Holiday Inn හෝටලය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ තවත් කොරෝනා ආසාදිතයෙකු සොයාගෙන ඇති අතර ඒ සමග අදාළ පොකුරට සම්බන්ධ ආසාදිතයින් සංඛ්‍යාව 17 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (14/02) වාර්තා වූ ආසාදිතයින් දෙදෙනා නිවෙස් දෙකක වෙසෙන 50 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු 3 ක ළමයෙකු බවත් අද වාර්තා වූ ආසාදිතයා එම ආසාදිතයින් දෙදෙනාගෙන් එක් අයකු හා සම්බන්ධ බවත් වාර්තා වේ.

දැනට වයිරසය ආසාදනය වී ඇති නමුත් පළමුව කොරෝනා පරීක්ෂණයෙන් ඍණාත්මක ප්‍රතිඵල ලැබුණු හෝටල් නිරෝධායන වැඩසටහනේ සේවකයකු සහභගී වූ උත්සවයකට අදාළ කාන්තාව හා ළමයා ද සහභාගී වී තිබුණු බව සොයාගෙන ඇත. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now