SKIP TO MAIN CONTENT

එක් දිනකට පුද්ගලයින් 10,000 බැගින් කොරෝනා පරීක්ෂාවන් සිදු කිරීමට මෙල්බර්න් නුවර සූදානම්

Paramedics perform COVID19 tests in Broadmeadows after Victoria State Government Health and Human Services people knock on doors
Paramedics perform COVID19 tests in Broadmeadows after Victoria State Government Health and Human Services people knock on doors. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

දින 10 ක් තුළ මෙල්බර්න් කලාපයේ උප නගර 10 ක කොරෝනා පරීක්ෂාවන් ලක්ෂයක් සිදු කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

පුද්ගලයාගෙන් පුද්ගලයාට කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීම බහුලවම දක්නට ලැබෙන මෙල්බර්න් උප නගර මේ සඳහා තෝරාගන්නා බව ප්‍රාන්ත රජය පෙන්වා දුන්නේය.

ඒ අනුව Keilor Downs, Broadmeadows, Maidstone, Albanvale, Sunshine West, Hallam, Brunswick West, Fawkner, Reservoir, සහ Pakenham යන උප නගර වල ඉදිරි දින කිහිපයේදී විශාල වශයෙන් කොරෝනා පරීක්ෂාවන් සිදු කෙරෙනු ඇත.

ඉන් පළමු දින තුන Keilor Downs සහ Broadmeadows උප නගර සඳහා පමණක් මූලිකවම අවධානය යොමු කරන බවත් සෙසු උප නගර වෙත ඉන් අනතුරුව අවධානය යොමු කරන බවත් ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

මේ වන විට හඳුනාගත් කොරෝනා පොකුරු හා සම්බන්ධ නොවන පුදගලයින්ට වයිරසය සම්ප්‍රේෂණය වීම පිළිබඳ සිද්ධීන් කෙරෙහි වඩාත් සැලකිලිමත් වන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton පැවසීය.

මේ අතර, වික්ටෝරියානු රජය හෝටල් නිරෝධායනයේ නිරතව සිටින සංචාරකයින් ව නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක හමුදාවේ සහාය ඉල්ලා ඇත.

ඒ අනුව ආරක්ෂක භටයන් 1000 කට වැඩි පිරිසක් අද වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now