SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව ප්‍රථම වරට විදේශීය මැදිහත්වීම් සම්බන්ධ නීති යටතේ පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරයි

Australian Federal Police
Australian Federal Police. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

විදේශීය මැදිහත්වීම සම්බන්ධ නීති යටතේ මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරූ බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පවසයි.

ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක විදේශීය මැදිහත්වීම සම්බන්ධ නීති යටතේ පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොනු කර නඩු පැවරූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය හැඳින්වේ.

මෙම නීතිය 2018 වසරේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව තුළ සම්මත කෙරිණි.

අදාළ පුද්ගලයා විදේශ බුද්ධි අංශයක් සමඟ සම්බන්ධතාවයක් ඇති බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පවසන නමුත් එම රටකුමක්දැයි  නම් කර නොමැත.

මෙම වරද සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වේ. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now