ඔස්ට්‍රේලියාව ප්‍රථම වරට විදේශීය මැදිහත්වීම් සම්බන්ධ නීති යටතේ පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරයි

Australian Federal Police

Australian Federal Police. Source: AAP

විදේශීය මැදිහත්වීම සම්බන්ධ නීති යටතේ මෙල්බර්න් නුවර 65 හැවිරිදි පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරූ බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පවසයි.

ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක විදේශීය මැදිහත්වීම සම්බන්ධ නීති යටතේ පුද්ගලයෙකුට එරෙහිව චෝදනා ගොනු කර නඩු පැවරූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය හැඳින්වේ.

මෙම නීතිය 2018 වසරේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව තුළ සම්මත කෙරිණි.

අදාළ පුද්ගලයා විදේශ බුද්ධි අංශයක් සමඟ සම්බන්ධතාවයක් ඇති බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය පවසන නමුත් එම රටකුමක්දැයි  නම් කර නොමැත.

මෙම වරද සම්බන්ධයෙන් අදාළ පුද්ගලයා මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන පැවැත්වේ. 


Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service