SKIP TO MAIN CONTENT

නිවාස වෙළෙඳ පොළේ, සිඩ්නි පසු කර මෙල්බන් ඉදිරියට. (SBS සිංහල/වාර්තා)

පසුගිය කාර්තුවේදී මෙල්බන් නුවර නිවාස මිල 5%කින් වර්ධනය වී ඇති අතර සැප්තැම්බර් මාසයේදී එය 2.3%ක නැග්මක් පෙන්නුම් කරයි.

Melbourne overtaking Sydney in home prices
Melbourne City Source: Shutterstock

3 min read

Published

By Madhura Seneviratne

Source: ABC Australia



Skip to article content

ලොව අවදානම් බවින් ඉහළ නිවාස වෙළෙඳ පොළ දර්ශකයේ 4 වන ස්ථානයට සිඩ්නි නුවර පත්ව ඇති බව අප පසුගිය සතියේ නිවේදනය කළේය. නමුත් ගතවූ සැප්තැම්බර් කාර්තුවේදී සිඩ්නි නිවාස වෙළෙඳ පොළෙහි මිල ගණන් අභිබවා මෙල්බන් නුවර නිවාස මිල ගණන් ඉදිරියට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය කාර්තුවේදී මෙල්බන් නුවර නිවාස මිල 5%කින් වර්ධනය වී ඇති අතර සැප්තැම්බර් මාසයේදී එය 2.3%ක නැග්මක් පෙන්නුම් කරයි.

නමුත් පසුගිය කාර්තුවේදී සිඩ්නි නිවාස මිල වර්ධනය වී ඇත්තේ 3.5%කින් පමණ වන අතර සැප්තැම්බර් මාසයේ නැග්ම සටහන් වී ඇත්තේ 0.8%ක් ලෙසය.

නමුත් වාර්ෂිකව සැසඳීමේදී සිඩ්නි නිවාස මිල ගණන් වල වර්ධනය 10.2%ක් ලෙසද මෙල්බන් 9%ක් ලෙසද සටහන් වී තිබේ. ඒ අනුව වාර්ෂිකව ගතහොත් තවමත් මෙල්බන් නුවරට වඩා සිඩ්නි නුවර ඉදිරියෙන් සිටියි.

දරාගැනීමේ සංරෝධන බලය සිඩ්නිහි කැපී පෙනෙන ලෙස දක්නට ඇති බව CoreLogic හි ආසියා - ශාන්තිකර පර්යේෂණ ප්‍රධානි Tim Lawless පැවසීය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා පවුලේ ආදායම 4.5%කින් පමණ වර්ධනය වෙමින් පවතින බව දක්නට ලැබෙන අතර නිවාස වල වටිනාකම ඊට වඩා මඳක් වැඩිව වර්ධනය වන බවක් පෙනන බව Tim Lawless පැවසීය.

පවුලේ ආදායමට වඩා නිවාස මිල ගණන් දිගින් දිගටම ඉහළ යාම දරාගැනීමට නොහැකි බවද Tim Lawless පැවසීය.

“මෙම චක්‍රය තව දුරටත් පවතීවි කියා ඔබට බලාපොරොත්තුවෙන්න බැහැ” ඔහු පැවසීය.

වසර 2000දි දේපළ මිල ඉහළ යනවිට වසර 2000 – 2004 තුර සිඩ්නි නිවාස මිල දැඩි ලෙස ඉහළ ගිය අතර පසුව නැවත පහළ ගිය අතර එය 2009 වන තුරුම යථා තත්ත්වයට පත් නොවූ බවද Tim Lawless පැවසීය.

වාර්ෂිකව නිවාස මිල ගණන් වර්ධනය වීම පිළිබඳ සැලකීමේදී කැන්බරා 9%ක්ද හෝබාට් 8.7%ක්ද වාර්තා කර තිබේ. මේ අතර ඇඩිලේඩ් 6.5%ක සහ බ්‍රිස්බන් 4.5%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

නමුත් පර්ත් -7%ක සහ ඩාර්වින් -6%ක පසු බැස්මක් පෙන්වන බවද එම වාර්තාව අනාවරණය කරයි.

එම නගර දෙකෙහි සිටින නිවාස හිමියන් නිවාස තත්ත්වයන් පිළිබඳ වර්ධනයක් ඉක්මණින්ම අපේක්ෂා නොකළ යුතු බවද Tim Lawless පැවසීය.

“අපි තවමත් මෙම නගර දෙකෙහි නිවාස කුලී මුදල් වල අඩු බවක් දකිනවා. නමුත් 2017 වන විට මේ තත්ත්වය සමතුලිත මට්ටමකට පැමිණීමට හැකියාවක් තිබේවි.”  ඔහු තව දුරටත් පැවසීය.

නමුත් බටහිර ඔස්ට්‍රේලියාවේ වයඹ දිග කලාපයේ පතල් කැණීම් කර්මාන්තයේ තත්ත්වය දරුණු බව වාර්තා වේ.

SQM පර්යේෂණ දත්ත වලට අනුව Karratha  හි නිවාස මිල ඩොලර් ලක්ෂ 3 දක්වා හිටි අඩියේම පහළ බැස තිබේ. Port Hedland හි නිවාස මිල ඊට වඩා වැඩි අගයක ($560,000) පවතින නමුත් පසුගිය වසර 3 ඇතුලත එය 54%කින් පසු බැස තිබෙන බව සඳහන්.

ක්වීන්ස්ලන්තයේ පතල් නගරයක් වන Moranbah හීද මීට සමාන තත්ත්වයක් දක්නට ඇති අතර එහි නිවාස මිල ඩොලර් 209,000 පවතින අතර මිල ගණන් 60%කින් පහත බැස ඇත. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now