ලොව ජීවත්වීමට සුදුසුම නගර අතර පළමු තැන නැවතත් මෙල්බර්න් නුවරට (SBS සිංහල / වාර්තා)

මෙල්බර්න් නුවර පිට පිට මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය පත් වූ 6 වැනි වතාව මෙයයි. ලොව පුරා නගර 140ක් අතරින් මෙල්බර්න් නගරය මෙලෙස ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ලොව ජීවත්වීමට සුදුසු හොඳම නගර 10 ඇතුලට ඕස්ට්‍රේලියානු නගර තුනක් ඇතුලත්වීම විශේෂ සිදුවීමක්.

Melbourne city

Melbourne City Source: Pixabay/moerschy CC0

The Economist සගරාවේ 2016 EIU (Economist Intelligence Unit) දර්ශකයට අනුව ලොව ජීවත්වීමට සුදුසු නගර අතර ප්‍රථම ස්ථානය හිමි කරගන්නට මෙල්බර්න් නගරය සමත් වී තිබේ. මෙල්බර්න් නුවර පිට පිට මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය පත් වූ 6 වැනි වතාව මෙයයි. ලොව පුරා  නගර 140ක් අතරින් මෙල්බර්න් නගරය මෙලෙස ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ලොව ජීවත්වීමට සුදුසු හොඳම නගර 10 ඇතුලට ඕස්ට්‍රේලියානු නගර තුනක් ඇතුලත්වීම විශේෂ සිදුවීමක්. ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර සහ කැනඩාවේ Calgary නගරය මෙම දර්ශකයේ 5 වැනි ස්ථානය හිමි කරගෙන ඇති අතර , ඕස්ට්‍රේලියාවේ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ පර්ත් නුවර දර්ශකයේ 7 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ.

Melbourne City
Melbourne city Source: Wikimedia/Donaldytong Public Domain

අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, සංස්කෘතික වටපිටාව, පසුතල පහසුකම්, ස්ථාවර භාවය සහ ආරක්ෂාව යන කරන සැලකිල්ලට ගනිමින් මෙම දර්ශකය ප්‍රකාශයට පත් කරනු ලබයි. 2016 EIU දර්ශකයේ දෙවැනි ස්ථානය ඔස්ට්‍රියාවේ අගනුවර වන Vienna නගරයට හිමිව ඇති අතර, තුන්වැනි තැන Vancouver නගරයටත් සිව්වැනි තැන කැනඩාවේ Toronto නගරයටත් හිමිව තිබේ.

සිඩ්නි නුවර දර්ශකයේ පහලට

2015 වසරේ මෙම දර්ශකයේ 7 වැනි ස්ථානය හිමිකරගෙන සිටි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට , 2016 දර්ශකයේ හිමිව තිබෙන්නේ 11 වැනි ස්ථානයයි. ඕස්ට්‍රේලියාවේ අනෙක් නගර වලට සාපේක්ෂව සිඩ්නි නුවරට එල්ල වී ඇති ත්‍රස්ත තර්ජන හේතුවෙන් මෙලෙස සිඩ්නි නුවර වර්ගීකරණයේ  පහතට වැටී  ඇති බව EIU  වර්ගීකරණ වාර්තාව සදහන් කරයි.

ලොව වාසයට නුසුදුසුම නගරය සිරියාවේ Damascus

මෙම දර්ශකයේ 140 වැනි ස්ථානය හිමි කරගනිමින් ලොව වාසයට නුසුදුසුම නගරය බවට පත්ව තිබෙන්නේ සිරියාවේ Damascus නුවරයි. 139 වැනි ස්ථානය ලිබියාවේ Tripoli නගරයටත්, 138 වැනි ස්ථානය නයිජීරියාවේ Lagos නගරයටත් හිමිව තිබේ. බංගලාදේශයේ ඩකා නුවරට දර්ශකයේ 137 වැනි ස්ථානය හිමිව තිබේ.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now