SKIP TO MAIN CONTENT

Big Bash League : 30 වන තරගය. Melbourne Renegades කණ්ඩායමට එක් ලකුණක තියුණු ජයක්.

Melbourne Renegades won by 1 run
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන Big Bash League 20-20 ක්‍රිකට් තරගාවලියේ 30 වන තරගය ලෙස ඊයේ (20/01) බ්‍රිස්බන් නුවර පැවති තරගයෙන් Brisbane Heat කණ්ඩායම පරදා Melbourne Renegades කණ්ඩායම එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් විය.

කාසියේ වාසිය දිනු Brisbane Heat කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Melbourne Renegades කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් තම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 199 ක් රැස් කළේය.

Melbourne Renegades වෙනුවෙන් නායක ඇරන් ෆින්ච් ලකුණු 71ක් ද මාකස් හැරිස් ලකුණු 48 ක් ලබා ගත්තේය.

ලකුණු 200 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Brisbane Heat කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 198 ක් පමණි.

මෙහිදී Brisbane Heat කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැකලම් Big Bash තරගාවලියේ දෙවන වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ නමුත් අවසන් පන්දු වාරයේ කඩුලු 3ක් බිඳ වැටීම නිසා ඔවුන්ට තරගයේ ජය පෙනී පෙනී අහිමි විය.

තරගයේ වීරයා සම්මානය Melbourne Renegades කණ්ඩායමේ නායක ඇරන් ෆින්ච් හට හිමි විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now