SKIP TO MAIN CONTENT

මෙල්බන් Thunderstorm Asthma තවත් දෙදෙනෙකු බිලි ගනී.

An emergency department sign at the Alfred Hospital in Melbourne, Friday, May 18, 2012. (AAP Image/Julian Smith) NO ARCHIVING
An emergency department sign at the Alfred Hospital in Melbourne, Friday, May 18, 2012. (AAP Image/Julian Smith) NO ARCHIVING Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මෙල්බන් Thunderstorm Asthma රෝගයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. මේ අනුව Thunderstorm Asthma රෝගී තත්ත්වය හේතුවෙන් මිය ගිය මුළු සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ රාත්‍රියේදී සහ අද (29/11) උදෑසන මිය ගිය පුද්ගලයන් දෙදෙනා අසාධ්‍ය තත්ත්වයේ සිටිමින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙසේ මිය ගොස් ඇති බව වාර්තා වේ.

මේ වන විටත් තව පුද්ගලයකු බරපතල තත්ත්වයෙන් විශේෂඥ ප්‍රතිකාර ලබමින් පසුවන බව පැවසේ.

පසුගිය සඳුදා (21/11) මෙල්බන් නුවර ඇතිවූ අසාමාන්‍ය කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බව සඳහන්.

එදින මෙල්බන් නුවර තිබු සියලු ගිලන් රථ රෝගීවූ පිරිස් රෝහල් වෙත රැගෙන යාමට ක්‍රියාත්මක වූ අතර මේ දක්වා රෝගීන් 8500ක් පමණ රෝහල් ගත කර ඇති බව පැවසේ.

මෙම තත්ත්වය සැලවීමත් සමග වික්ටෝරියානු ප්‍රාන්ත රජය, අතිරේක අනුපූරක වෛද්‍ය සේවකයන් 450ක් අනියුක්ත කිරීමට, නව ගිලන් රථ යෙදවීමට සහ නව ගිලන් රථ මධ්‍යස්ථාන 15ක් ඉදිකිරීමට ඩොලර් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now