මෙල්බර්න් ට්‍රෑම් රථ රියදුරන් අද පැය 4ක වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව අද පෙරවරු 10 ට ආරම්භ වූ මෙම වැඩ වර්ජනය පස්වරු 2 දක්වා පැවැත්වෙන බව වාර්තා වේ.
වැටුප් වර්ධක සහ අනෙකුත් දීමනා ඉල්ලමින් මෙම වැඩ වර්ජනය සිදු කිරීමට ඔවුහු තීරණය කළහ.
දුම්රිය, ට්‍රෑම් සහ බස් යන සියලු ගමනාගමන ක්ෂේත්‍ර වල සේවකයින්ගේ වැටුප් වැඩි විය යුතු බවට එහි වෘත්තීය සංගම්ද පසුගිය දා රජයට බල කරමින් විවිධ විරෝධතා ව්‍යාපාර පැවත්විය.
Share

