මෙල්බන් නුවර අධික උෂ්ණත්වය නිම කරමින් ඊයේ (29/01) ලද වර්ෂාපතනය මෙල්බන් කාලගුණ වාර්තා අලුත් කර ඇති බව වාර්තා වේ.
සෙල්සියස් අංශක 40 ට ආසන්නවූ පසුගිය සතියේ මෙල්බන් උෂ්ණත්වයෙන් පසුව සඳුදා දිනයේ ලද වර්ෂාපතනය මිලිමීටර් 38.8 ක් වූ බව ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශය වාර්තා කරයි.
මෙය 2004 වසරෙන් පසුව මෙල්බන් නුවර ජනවාරි මාසයකදී ලද ඉහළම වර්ෂාපතනය වන අතර ඊයේ දිනයේ වාර්තාවූ උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 ක් බවද සඳහන්.
මේ අතර Sunbury ප්‍රදේශයට මිලිමීටර් 73 ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බවද වාර්තා වේ.
Share

