SKIP TO MAIN CONTENT

මෙල්බර්න් Holiday Inn කොරෝනා පොකුරේ ආසාදිතයින් 13 දක්වා ඉහළට

A policeman stands outside the Holiday Inn.
Another exposure site linked to Melbourne's Holiday Inn COVID-19 outbreak has been identified. (AAP) Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

මෙල්බර්න් Holiday Inn හෝටලයේ කොරෝනා පොකුරට සමබන්ධ ආසාදිතයින් සංඛ්‍යාව 13 දක්වා වර්ධනය වී තිබේ.

ඊයේ (11/02) පස්වරුව වන විට එහි මුළු ආසාදිතයින් ගණන 10 ක්ව පැවතියද පසුව වයිරසය වැළදුණු තවත් සේවකයකු හා ආශ්‍රිතයින් දෙදෙනෙකු වාර්තා විය.

එම සියලුම ආසාදිතයින් ට වැළදී ඇත්තේ එක්සත් රාජධානියේ Covid-19 ප්‍රභේදය බව වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රධානී Jeroen Weimar පැවසීය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ක්‍රියාත්මක කෙරෙන වත්මන් හෝටල් නිරෝධායන ක්‍රියාවලියට එරෙහිව නැගෙන චෝදනා ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ව වානිජ හෝටල්වල නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now