SKIP TO MAIN CONTENT

ඔක්තෝබර් 13: මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගේ සාමාන්‍ය අගය තවත් ඉහළට

A person wearing a face masks is seen exercising in Williamstown in Melbourne, Wednesday, September 9, 2020. Victoria has recorded 76 new cases of coronavirus and 11 deaths in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING
維州政府對市民使用道路會作出改革 Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් 12 ක් සමග එක් කොරෝනා මරණයක් වාර්තා වෙයි.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 811 ක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියවෙන්ම වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 899 කි.

ඒ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 10 ක් දක්වා යළි ඉහළ ගොස් තිබේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 0.4 ක් ලෙස සටහන් වේ.

එමෙන්ම කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් ආසාදිතයින් 13 දෙනෙකු වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වන බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now