SKIP TO MAIN CONTENT

වසර 32 කට පසුව ඉතිහාසය යළි කැඳවූ ඛේදවාචකයේ මිය ගණන 233 දක්වා ඉහළට.

Mexico earthquake
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

මෙක්සිකෝවේ පසුගිය අඟහරුවාදා (19/09) දහවල් සිදු වූ මැග්නිටියුඩ් 7.1 ක භූමි කම්පාව හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 233 ක් පමණ ජීවිතක්ෂයට  ඇතැයි වාර්තා වේ.

ඊට අමතරව තවත් පුද්ගලයින් 1900 ක් පමණ තුවාල ලබා ඇති බවද සඳහන්.

සුන් බුන් අතර සිරවූ පුදගලයින්ව සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බවත් සුන් බුන් අතර සිරවී සිටි 50 කට අධික පිරිසක් ඉකුත් අඟහරුවාදා පටන් මේ දක්වා බේරාගෙන ඇති බවද වාර්තා වේ.

1985 වසරේ සැප්තැම්බර් 19 වන දින මෙක්සිකෝවේ සිදුවූ දැවැන්ත භූමි කම්පාවෙන් 10,000  අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීම අනුස්මරණය කිරීම සඳහා සැරසෙන විට මෙම ඛේදවාචකය සිදුවීම දෛවයේ සරදමක් ලෙසද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now