SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට Mickey Arthur පත්වන ලකුණු

Mickey Arthur likely to become Sri Lanka's next head coach
Source: Getty Images

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට Mickey Arthur පත්වීමට වැඩි ඉඩක් ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය මේ වන විට දරන චන්දික හතුරුසිංහව තාවකාලික වැඩ තහනමකට ලක් කර ඇති අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මීට පෙර එම තනතුර සඳහා එංගලන්තයේ මාර්ක් රාම්ප්‍රකාශ් නම් කර තිබූ අතර ඔහු පසුගිය සතියේදී එයට අකමැත්ත පළ කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය දකුණු අප්‍රිකානු ජාතික Mickey Arthur වෙත යොමුවිය.

ඔහු මීට පෙර ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ පාක්සිතානු කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.

කෙසේවෙතත්, ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ පුරප්පාඩුව පුරවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබුණි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now