වතුර වලටත් වඩා මිල අඩුවූ ඔස්ට්‍රේලියාවේ කිරි, තවත් අඩු වෙයිද?. (SBS සිංහල /වාර්තා)

ලීටරයක කිරි බෝතලයක් වතුර බෝතලයක මිලටත් වඩා අඩු බව පෙනී ගිය බව සෙනට් සභිකයන් වන Jacqui Lambie සහ Nick Xenophon සඳහන් කළෝය.

A stock image of milk bottles in a new Woolworths supermarket in Everton Park in Brisbane's northern suburbs, Monday, May 11, 2015. (AAP Image/Dan Peled) NO ARCHIVING

A stock image of milk bottles in a new Woolworths supermarket in Everton Park in Brisbane's northern suburbs, Monday, May 11, 2015. Source: AAP

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳ සැල් වල කිරි ලීටරයක් ඩොලර් 1කට අලෙවි කිරීමේ යුද්ධය නිසා කිරි මිල අතිශය බරපතල වශයෙන් අවම තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ. වෙළෙඳපොළෙහි අනෙක් ආහාර සහ බීම වර්ග වල මිල ගණන් ඉහළ යාමේදී කිරි මිල මෙවැනි පහළ තත්ත්වයක පැවතීම මගින් කිරි සහ අනෙක් පාරිභෝගික භාණ්ඩ අතර සැලකිය යුතු වෙනසක් නිර්මාණය වී ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ නවතම පාරිභෝගික මිල දර්ශකය හෙවත් Consumer Price Index දත්ත පෙන්වා දෙයි.

මේ තත්ත්වය හේතුවෙන් කිරි කර්මාන්තයට  දුෂ්කර බලපෑම් එල්ල වී ඇතැයි සඳහන්. 2011 වසරේදී Coles සුපිරි වෙළෙඳ සැල් ජාලය කිරි ලීටරයක මිල ඔස්ට්‍රේලියානු ඩොලරයක් කළ නිසා කිරි මිල 13%කින් පහත බසින්නට විය. නමුත් එම කාලයේදී හරක් මස් සහ වහු මස් වල මිල 24% දක්වා වැඩි වූ බවද ඔස්ට්‍රේලියාවේ උද්ධමන දත්තයන් පෙන්වා දෙයි.

කිරි කර්මාන්තයේ ඇති ගැටළු නිරාකරණය උදෙසා මහජන අදහස් විමසීමක් ඊයේ (26/10) දිනයේදී සෙනට් සභාව මගින් පවත්වනු ලැබීය.

එහිදී ලීටරයක කිරි බෝතලයක් වතුර බෝතලයක මිලටත් වඩා අඩු බව පෙනී ගිය බව සෙනට් සභිකයන් වන Jacqui Lambie සහ Nick Xenophon සඳහන් කළෝය.

Milk: Maybe too cheap and getting cheaper
The profound effect of the introduction of dollar milk on inflation measures. Source: ABS

මේ අතර ඉහළ ගොස් තිබෙන ගව මස් වල මිල ගණන්, කිරි ගොවියන්ව ඒ අතට පෙළඹවීමක් සිද්ධ කෙරෙන බව Deloitte Access Economics ආයතනයේ ආචාර්ය Daniel Terrill පැවසීය. කිරි රංචුව කෙමෙන් කෙමෙන් කුඩා වන විට ගව මස් රංචුව විශාල වන බව ද ඔහු පැවසීය.

නමුත් ඇතිවී තිබෙන තත්ත්වය මත ඔස්ට්‍රේලියාවේ කිරි ගොවීන් මුහුණ දී ඇති බරපතල අභියෝගයන් මොනවාදැයි නිවැරදිව දැනුවත් කිරීම මෙහිදී වැදගත් වනු ඇත.

කර්මාන්තයේ බෙදීම.

ඩොලරයේ කිරි ලීටරය තිරසාර නොවන බවත් කිරි ගොවීන්ට පමණක් නොව සැපයුම් ක්‍රියාවලියේ සිටින අනෙක් පුද්ගලයන්ට පවා සාධාරණ නොවන බව ඔස්ට්‍රේලියානු කිරි ගොවීන්ගේ සංගමයේ වැඩබලන සභාපති David Bash පැවසීය.

“කිරි ගොවීන්, සැපයුම් ක්‍රියාවලියේ පුද්ගලයන් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර කාටවත් හිංසාවක් සිදු වන අයුරින් ක්‍රියා නොකළ යුතුය. පාරිභෝගිකයාට උපරිම සේවාවක් සපයන අතර අපටද සාධාරණත්වයක් ඉටුවන අයුරින් වැඩ කිරීමට සියලු දෙනා එක් විය යුතුයි.” David Bash,  SBS සේවයට පැවසීය.

කෙසේවෙතත්, Coles හි කිරි මිල ගණන් හා Murray Goulburn කිරි ගොවීන් හට ගෙවන මුදලෙහි අන්තර් සම්බන්ධතාවක් නොමැති බව Murray Goulburn සමාගම පවසයි. කිරි එකතු කිරීම, සැකසීම සහ අලෙවි කිරීම වැනි ක්‍රියා සිදු කරන Murray Goulburn සමාගම ඔස්ට්‍රේලියානු කිරි නිෂ්පාදන වලින් තුනෙන් එකකට වඩා අලෙවි කරන බවද සඳහන්. 

2014 වසරේදී Coles සුපිරි වෙළෙඳ සැල් ජාලයට ඩොලරයේ කිරි සැපයීමට වසර 10ක කොන්ත්‍රාත්තුවකට Murray Goulburn සමාගම එළඹුණු අතර එම කොන්ත්‍රාත්තුවම Woolworths සුපිරි වෙළෙඳ සැල් ජාලය සමග ඇති කරගැනීමට Fonterra කිරි සමාගම සමත් විය.

මේ ආකාරයේ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තු වලින් මෙවැනි ඩොලරයේ කිරි හේතුවෙන් කිරි කර්මාන්තයට දරුණු හානියක් සිදු වන බව සෙනට් සභික Jacqui Lambie SBS සේවයට පැවසීය.

ලීටරයකට ඩොලරයේ කිරි හඳුන්වා දී එය වසර 10ක් පුරා සැපයීම කුමණ ආකාරයේ මොලේ ඇති ක්‍රියාවක්ද යනුවෙන් ඇය ප්‍රශ්න කරයි.

Milk: Maybe too cheap and getting cheaper
Source: IRI Dairy Australia Analysis

Dairy Australia වලට අනුව ඔස්ට්‍රේලියාවේ සියලු කිරි නිෂ්පාදන වලින් හතරෙන් එකක් භාවිත වන්නේ “පානීය කිරි” සඳහා වේ. ඉතිරිය චීස්, බටර් සහ අනෙකුත් කිරි නිෂ්පාදන සඳහා යොදා ගැනෙන අතර 40% ක පමණ කිරි නිෂ්පාදන අපනයනය කරන බවද සඳහන්.

මෙරට කිරි ගොවීන් හට Murray Goulburn සහ Coles සමාගම් වලින් අතිරේක ණය මුදල් මෙන්ම ණය ක්‍රමයන් සැපයීම ද සිදු කෙරෙන බව වාර්තා වේ.

මෙම විමර්ශනය පිළිබඳ සෙනට් සභාවේ වාර්තාව ලබන වසරේ පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය. 


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now