ඔස්ට්‍රේලියනුවන් මිලියන ගණනකට වාසයට සුදුසු කුලී නිවෙසක් සොයා ගැනීම අපහසු බව හෙළිවේ.

Rent

Source: Getty Images

තමන්ට වාසයට සුදුසු හා දැරිය හැකි මට්ටමේ කුලී මුදලකට කුලී නිවාස  සොයා ගැනීමට ඔස්ට්‍රේලියනුවන් මිලියන ගණනකට අපහසු වී ඇති බව ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි නිවාස කුලීය පිළිබඳ සිදු කළ වාර්ෂික සමීක්ෂණයේදී හෙළිවී තිබේ.

විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පුද්ගලයින් හට පවතින කුලී මුදල් ගෙවීමේ අපහසුතාවක් පවතින බව මේ පිළිබඳව සැකසුනු Anglicare Australia වාර්තාව පෙන්වා දෙයි.

මෙම තත්ත්වය බරපතල ලෙස බලපා ඇත්තේ සාමාජ ආරක්ෂණ දීමනා ලබන පුද්ගලයින්ට බවත් නිවාස කුලිය ප්‍රධාන වූ කල  ආහාර, ඇඳුම් පැළඳුම්, ගමනාගමනය සහ වෛද්‍ය ගාස්තු යන වියදම් ඔවුන්ට දැරීමට අපහසු වන බවත් එමගින් වැඩි දුරටත් අනාවරණය කරයි.

මේ අනුව එළඹෙන මැයි මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අය වැයේදී මෙම අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු  කරන ලෙස එම වාර්තාව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉලීලීමක් කරයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල පවා මේ තත්ත්වය දැකිය හැකි බව Anglicare Australia ආයතනයේ විධායක අධ්‍යක්ෂ Kasy Chambers , A-B-C පුවත් සේවයට පැවසීය.


Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now