SKIP TO MAIN CONTENT

“..ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය 2016..” හිටපු අගමැති Tony Abbott හට ප්‍රධාන අමාත්‍ය ධූරයක් ලබාදෙන ලෙසට පක්ෂය තුලින්ම අගමැති Turnbull ට බලපෑම්

Tony Abbot
Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

අග්‍රාමාත්‍ය Malcolm Turnbull පවසන පරිදි නැවත Tony Abbott ට ඉදිරි පෙළ අසුනක් නොලැබෙනු ඇති. වාර්තා වන පරිදි සන්ධානය තුලින්ම Abbot මහතාට ඇමති තනතුරක් - ආරක්ෂක අමාත්‍ය ධුරය ලබා දෙන ලෙස පීඩනයක් එල්ල වී තිබේ. කැබිනට් අමාතය Peter Dutton 2GB ගුවන් විදුලියට ප්‍රකාශ කොට ඇත්තේ පක්ෂය තුලින් එන මේ බලපෑම් අග්රාමාත්යවරයා පමණක් නොව අනෙක් අමාත්‍ය වරුන්ටත් බලපාන බවයි.

මේ පිළිබඳව Abbot මහතා ගෙන් විමසු විට ඔහු කියා සිටියේ ඔහුට අමාත්‍යවරයෙකු වීමට අවශ්‍ය නැති බවයි. ඔහුගේ ආසනය වන Warringah හි ජනතාව වෙනුවෙන් ඔහු පෙනී සිටින බවයි ඔහු පැවසුවේ. අමාත්‍ය Dutton ක්වීන්ස්ලන්තයෙදී Abbott මහතා සමග ප්‍රතිපාදන වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු අප කාගේත් මිතුරෙකු ලෙස හඳුන්වා දී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන විපක්ෂ නායක Bill Shorten ඇඩිලේඩ් හි කියා සිටින්නේ අධ්යාපනය් හෝ විශ්‍රාම ආදී අංශ වල Abbot මහතා අමාත්‍යවරයෙකු වුව හොත් තවත් කප්පාදු කිරීම් සිදු කරනු ඇති බවයි.

ආරක්ෂක අමාත්‍ය Marise Payne පවසන්නේ අමාත්‍යවරයා තොරණ තීරණය අග්රාමත්යවරගේ වන බවයි. කම්කරු පක්ෂයේ ආරක්ෂාව පිලිබඳ අමාත්ය Stephen Conroy පවසන්නේ සෙනට් සභික Payne එම තනතුර රැක ගැනීම දැකීමට ඔහු කැමති බවයි.ආරක්ෂාව පිලිබඳ ධවල පත්‍රිකාව ආදී කරුණු රැසක අගේ දායකත්වය හොඳ වූ බව ඔහු පවසයි.

 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now