හිටපු ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පසුගිය කොවිඩ් සමයේ අගමැති ධුරය දරන අතරම හොර රහසේ අමාත්‍යධුර 5 ක දිවුරුම් දී කටයුතු කිරීමේ පුවත නිසා මේ වන විට මුළු ඔස්ට්‍රේලියානු දේශපාලන ක්ෂේත්‍රයම කැළඹී තිබේ.
2020 වසරේ ඔහු සෞඛ්‍ය හා මුල්‍ය අමාත්‍යධුරවලද 2021 වසරේ ඔහු කර්මාන්ත, ස්වදේශ කටයුතු හා භාණ්ඩාගාර අමාත්‍යධුරවලද රාජකාරී කළ බව මේ වන විට හෙළිවී ඇත.
හිටපු අගමැතිවරයාගේ මෙම ක්‍රියාව පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට වත්මන් ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese තීරණය කර තිබෙන අතර ඔහු ඒ සඳහා නීතිමය උපදෙස් පතමින් සිටී.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මේ අතර Scott Morrison තමා දැරූ ස්වදේශ කටයුතු අමාත්‍යධුරයේ දිවුරුම් දීම ගැන තමා කිසිදු දෙයක් නොදන්නා බවත් ඔහු ඔස්ට්‍රේලියානු ජනතාව පාවා දී ඇති බවක් තමාට හැඟෙන බවත් මොරිසන් රජයේ හිටපු ස්වදේශ කටයුතු ඇමතිනි Karen Andrews අද (අගෝස්තු 16) Sky පුවත් වෙත පැවසුවාය.
"මම එතුමාට ඉල්ලා අස්වෙලා පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න කියන්නයි යන්නේ." යනුවෙන්ද ඇය ප්‍රකාශ කළාය.

සමාජ මාධ්‍ය තුළ මොරිසන්ව හාස්‍යට ලක් කෙරෙයි
මෙම හෙළිදරව් වීමත් සමග ඔස්ට්‍රේලියානු සමාජ මාධ්‍ය ජාලවල හිටපු අගමැති Scott Morrison ව හාස්‍යයට ලක් කරමින් සිටී.
ඔහු අගමැති ධුරය දරන අතරේ තවත් ඇමති ධුර 5 ක රහසේම දිවුරුම් දී කටයුතු කිරීම නිසා ඔහුට මේ වන විට Minister for Everything හෙවත් "හැමදේටම ඇමති" ලෙස නමක් පට බැඳ ඇත.
ඒ අනුව අද වන විට ඕස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය ජාලවල මොරිසන්ව හාස්‍යයට ලක් කරමින් පහත අන්දමේ Posts සහ memes විවිධ පිටුවලින් සහ පුද්ගලයින් විසින් පළ කර තිබුණි.
Scott Morrison: DIY cabinet maker
2021 වසරේ ඔස්ට්‍රේලියානු ජාතිකයා සම්මානයට පාත්‍ර වූයේ Grace Tameය.
පසුගිය ජනවාරි මාසයේදී ඇය සහ හිටපු අගමැති මොරිසන් අතර පැවති හමුවකදී මොරිසන් දෙස වපර ඇසින් බැලීමේ ඡායාරුපයක් ට්විටර් පණිවිඩයක අමුණමින් Grace Tame මෙසේ පවසා ඇත.
"අපට ඔහුව 2022 වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙස දිවුරුම් දීම නැවැත්වීමට සිදු වුණා."
මොරිසන් සහ කුකුල් මස් හොද්ද
අගමැති මොරිසන් විවිධ සංස්කෘතීන්ට අදාළ ආහාර පිසීම සහ එම පිසීම් සිදුකරන අයුරු දැක්වෙන ඡායාරුප ඔහුගේ සමාජ මාධ්‍ය ජාලවලට එක කිරීම හරහා ඉමහත් ප්‍රසිද්ධියක් ලැබූ ඔස්ට්‍රේලියානු දේශපාලකයෙකි.
කිහිප විටකම ඔහු ශ්‍රී ලාංකේය ආහාර ද පිසින අයුරු පළ කර තිබුණි.
ඔහුගේ ආහාර පිසීම මතුකරමින් ඔහුගේ මෙම රහස් ඇමතිධුර ආශ්‍රිතව විවිධ පුද්ගලයින් ඔහුව හාස්‍යට ලක් කර තිබුණේ පහත අයුරිනි.
වත්මන් අගමැති Albanese ත් මොරිසන්ට විහිලු කරයි
හිටපු අගමැති මොරිසන්ගේ මෙම ක්‍රියාව ගැන විවේචනය කරන අතරේ වත්මන් ඔස්ට්‍රේලියානු අගමැති Albanese ද මාධ්‍ය හමුවකදී මොරිසන්ට විහිලු කළේය.
මොරිසන් රජය ප්‍රමාණවත් තරම් කොවිඩ් එන්නත් ඇණවුම් නොකිරීමට මොරිසන්ගේ මෙම ඡායා ඇමතිධුර බලපාන්නට ඇති බව ඔහු එහිදී පැවසීය.
"අගමැතිතුමාත් සෞඛ්‍ය ඇමති නිසා කොවිඩ් එන්නත් ඇණවුම් කිරීමට නියෝග දීලා ඇති කියලා සෞඛ්‍ය ඇමතිතුමා හිතන්න ඇති" යනුවෙන් වත්මන් අගමැති Albanese පැවසුවේය.

ග්‍රීන්ස් සෙනට් සභික Nick McKim ගෙන් TikTok වීඩියෝවක්
ටස්මේනියාව නියෝජනය කරමින් මධ්‍යම පාර්ලිමේන්තුවට පැමිණි ග්‍රීන්ස් පක්ෂයේ සෙනෙට් සභික, Nick McKim, හිටපු අගමැති මොරිසන් සහ ඔහුගේ බොහෝ ඇමතිධුර පිළිබඳ TikTok වීඩියෝවක් කර තිබේ.
මොරිසන් මහතා අගමැති ලෙස කැබිනට් රැස්වීමකට පැමිණ නැවත නැවතත් ඔහුට ආචාර කිරීමක් ඔහුගේ එම වීඩියෝවේ දැක්වෙයි.
බහුවිධ මොරිසන්ගේ නව කැබිනට් ඡායාරූපය
ලබන මාසයේ ඔස්ට්‍රේලියානු රැකියා සමුළුව සහ මොරිසන්
ලබන මාසයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවැත්වීමට නියමිත රැකියා සමුළුවට හිටපු අගමැති මොරිසන් සහභාගී නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔස්ට්‍රේලියානු විකට නළුවෙකු වන Dan Ilic ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

