SKIP TO MAIN CONTENT

කට්ටි පනිමින් සිටි මන්ත්‍රී බදියුදීන් අවසානයේදී අත්අඩංගුවට පත්වෙයි

Minister Rishard Bathiudeen
Minister Rishard Bathiudeen

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පොලිස් කණ්ඩායම් 6 යොදවා තිබුනත් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ශ්‍රී ලංකා වේලාවෙන් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

අද (ඔක් 19) උදෑසන දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා තහවුරු කොට තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ අවනැන් වූවන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලංකා ගමනා ගමන සේවයට අයත් බස් රථ යොදා ගැනිම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා බදියුදීන් මන්ත්‍රීවරයාට එල්ලවී තිබූ චෝදනා වේ. මෙම චෝදනා වලට අදාලව ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබිණ.

බදියුදීන් මන්ත්‍රීවරයා විසින් තමා අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙසට ගොනුකොට තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම හෙට (ඔක් 20) විභාගයට ගැනීමට නියමිතව තිබිණ. එදින උසාවියට මන්ත්‍රීවරයා ඉදිරිපත්වෙනු ඇතැයි බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායක NM ෂහීඩ් මහතා විසින් ඊයේ (ඔක් 18) වෙනි දින ප්‍රවෘති සාකච්චාවක් කැඳවමින් ප්‍රකාශ කොට තිබිණ.

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now