SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා නව රජයේ අමාත්‍යාංශ ව්‍යුහය ගැසට් කෙරේ

Ministry structure of the new government of Sri Lanka is gazetted
Source: President Media

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත ශ්‍රී ලංකා නව රජයේ  අමාත්‍යාංශ ව්‍යුහය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් හරහා ඊයේ (10/08) ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශ ද ඊට අයත් වන අතර අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් ද එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ.

අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍යය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණ.

ආරක්ෂක, මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන හා නිවාස, අධිකරණ, විදේශ, රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන, අධ්‍යාපන, සෞඛ්‍ය, කම්කරු, පරිසර, වනජීවි සහ වන සංරක්ෂණ, කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, ධීවර, වැවිලි, ජලසම්පාදන, විදුලිබල, බලශක්ති, වරාය හා නාවික, මහාමාර්ග, ප්‍රවාහන, තරුණ හා ක්‍රීඩා, සංචාරක, වෙළෙඳ, කර්මාන්ත, ජනමාධ්‍ය යන අමාත්‍යාංශ එම  අමාත්‍යංශ 28 ට ඇතුළත් වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now