SKIP TO MAIN CONTENT

ඇමෙරිකාවම කැළඹු ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ මරණයට වගකිව යුතු පොලිස් නිලධාරියාට මිනීමැරුම් චෝදනා දැඩි කෙරේ

Derek Chauvin has made his first court appearance.
Derek Chauvin has made his first court appearance. Source: AAP

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

පසුගියදා මියගිය කළු අමරිකානු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ගෙල, මිනිත්තු 8 කට වැඩ වැඩි කාලයක් පුරා තම දනහිස මඟින් තෙරපුමට ලක්කොටගෙන සිටි පොලිස් නිලධරියාට වන Derek Chauvin ට එරෙහිව ඇති මිනීමැරුම් චෝදනා ඉහල දැමීමට මිනසෝටා හි නීතිපති වන කීත් එලිසන් පියවර ගෙන තිබේ.

Derek Chauvin හට මේ වන විට දෙවන ගනයේ මිනීමැරුම් චෝදනා එල්ලව තිබේ. ඔහු සමග සිටි අනෙක් පොලිස් නිලධාරීන් තිදෙනාටද මිනිමැරීමට අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ලව තිබේ.

ඇමරිකාව තුල මේ වනවිට ප්‍රචණ්ඩ ක්‍රියා ක්‍රමයෙන් අඩු වුවද විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වේ. සියැටල්හි පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ෆ්ලෑෂ් අත්බෝම්බ ප්‍රහාර එල්ල කොට තිබේ. වොෂින්ටන් සහ ඔරිගන් යන ප්‍රාන්ත වල විරෝධතාකරුවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇති අතර ඔවුන් බෝතල් සහ ගිනිකෙළි වලින් දමා ගැසීම සිදුකොට ඇතැයි ද වාර්තා වේ.

පවතිනප්‍රචණ්ඩ ක්‍රියා සහ කොල්ලකෑම් අවම කිරීම සඳහා නිව්යෝර්ක් හි දෙවන දිනටත් ඇදිරිනීතිය ක්‍රියාත්මකව පවතී.

මේ අතර, විරෝධතා මැඩපැවැත්වීම සඳහා පොලිසියට සහය වීමට හමුදාව යෙදවීමට ගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ තීරණයට තමා සහාය නොදක්වන බව, ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර් පවසයි.

මිලිටරිය ක්‍රියාන්විතයේ යෙදවීම සඳහා, රටේ කැරලි මර්දන පනත ක්‍රියාවෙහි යෙදවීමට ඉල්ලා සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාවට තමන් විරුද්ධ බව ආරක්ෂක ලේකම් වැඩිදුරටත් පවසයි.

ඔහු කියා සිටින්නේ පොලීසියට එවැනි සහයෝගයක් අවශ්‍ය නම් එය ජාතික ආරක්ෂක බළකායට භාර දිය යුතු බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now