SKIP TO MAIN CONTENT

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට ඉන්දියාවේ හින්දු පක්ෂ විරුද්ධ වන අතරේ මෝදි යාපනයටත් ආ යුතු බව නැදුමාරන් කියයි.

Modi Sri Lanka Visit
Source: Reuters

2 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරේදී උතුරු පළාතේ දෙමළ වැසියන් වෙසෙන ප්‍රදේශ වලටද පැමිණ ඔවුන්ගේ පීඩාවන් මර්දනය කිරීමට පියවර ගත යුතු බව දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක පී. නැදුමාරන් පවසයි.

ධීවරයින්ගේ ගැටළු සඳහා උද්ඝෝෂණයක නිරත නැදුමාරන් පැවසුවේ යුද්ධය අවසන් වී වසර 6 කටත් වඩා කාලයක් ගතව ඇති නමුත් මේ වන විටත් උතුරේ දෙමළ ජනයාගේ ඉඩම් ඔවුන්ට නැවත ලබා ගැනීමට නොහැකි වී ඇති බවය.

තවමත් යුධ හමුදාව එම ප්‍රදේශ වල සිටින බවත් සෑම දෙමළ වැසියන් 5 දෙනෙකු හටම එක් හමුදා භටයෙකු බැගින් සිටින බවද ඔහු ප්‍රකාශ කර ඇත.

එනිසා ඉන්දීය අගමැතිවරයා කොළඹට පැමිණ ඉන් අනතුරුව යාපනයටද පැමිණිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

දෙරට අතර නීති විරෝධී ධීවර ගැටලුව ඇතිවීමට හේතුව ඉන්දියාව විසින් “කච්චතිව්” දූපත ශ්‍රී ලංකාවට පවරා දීම බවද පී. නැදුමාරන් ප්‍රකාශ කරයි.

මේ අතර හින්දු ආගම මර්දනය කරමින් ශ්‍රී ලංකා රජය බෞද්ධ ජාතිකවාදී ප්‍රතිපත්තියක් ගෙන යන බවත් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ බෞද්ධ උත්සවයකට සහභාගී වීමට විරුද්ධ වන බවත් ඉන්දියාවේ හින්දු මක්කල් කච්චි නායක අර්ජුන් සම්පත් මහතා පවසයි.

මුළු ශ්‍රී ලංකා දිවයිනම බෞද්ධ දේශයක් ලෙස නම් කර ඇතැයිද ශ්‍රී ලංකාවේම ජාතියක් වන හින්දු ජාතිකයින් සංහාරයට පත් කර ඇතැයි ද අර්ජුන් සම්පත් මහතා පවසයි.

ඉන්දියානු අගමැතිවරයා මැයි 12 වැනිදා සිට 14 වැනි දා දක්වා ශ්‍රි ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සහභාගී වීම සඳහා පැමිණීමට නියමිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now