වෙසක් බලන්න මෝදි අද ලංකාවට.

International Day of Vesak

Source: SBS

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද‍්‍ර මෝදි මහතා අද (11/05) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 05.30ට පමණ ශ්‍රී ලන්කාවට් පැමිණෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දෙදිනක් මෙරට තුළ රැඳී සිටීමට නියමිත අතර එහිදී ඒ මහතා හැටන් සහ මහනුවර ප‍්‍රදේශවල සංචාරය කිරීමට නියමිතව ඇත.

අග‍්‍රාමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව  නරේන්ද‍්‍ර මෝදි මහතා මෙරටට පැමිණෙන දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2015 වසරේදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේ ය.

මේ අතර එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුව මැයි 12 වන දින සිට 14 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ආරාධිත විදෙස් රටවල නියෝජිතයන් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියි.


1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now