SKIP TO MAIN CONTENT

දශක හතරකට පසුව ලංකාවේ විශාලතම ජලාශය විවෘත වෙයි.

Moragahakanda reservoir declared open
Source: Daily News

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිවූ මොරගහකන්ද ජලාශය ඊයේ (08/01) දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අතින් විවෘත විය.

සිනෝහයිඩ්‍රෝ චීන සමාගම විසින් නිම කරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල වශයෙන් භාරගැනීමෙන් අනතුරුව  මොරගහකන්ද හා කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ වාන් දොරටු විවෘත කිරීම ද ඇරඹිණි.

මෙමඟින් පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ගොවි ජනතාව වෙත ජලය මුදා හැරෙන බව සඳහන්.

දශක හතරකට පසු ශ්‍රී ලංකාවේ ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනතාව බොහෝ කලක් පීඩා විඳි ජල ගැටලුව මඟහරවන්නක් වනු ඇත.

මොරගහකන්ද වේල්ල මීටර් 65 ක උසකින් සමන්විත බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියට මොරගහකන්දෙන් ඊයේ  සිට මෙගාවොට් 7.9 ක්ද ව්‍යාපෘතියේ අවසන් අදියරේදී මෙගාවොට් 30 ක විදුලි බලයක්ද ලැබේ.

Daily Mirror ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now