SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ සටනට අමතර ඔස්ට්‍රේලියානු හමුදා සාමාජිකයින් අනියුක්ත කෙරේ

The Australian flag is seen on an Australian Defence Force (ADF) uniform.
The Australian flag is seen on an Australian Defence Force (ADF) uniform. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ සටනට අමතර ඔස්ට්‍රේලියානු හමුදා සාමාජිකයින් 272 දෙනෙකු මේ සතියේදී එක්වනු ඇත.

මේ වන විටත් ඔස්ට්‍රේලියානු හමුදා සාමාජිකයින් 1200 ක් වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටිති.

ආසාදිතයින් සොයා යාමේ කටයුතු සහ ප්‍රාන්ත සීමා කළමණාකරණය කිරීමේ කටයුතු සඳහා ඔවුන් දායක වනු ඇති බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේය.

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජයට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විවෘතව සහය ලබාදෙන බවද මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

එමෙන්ම කොරෝනා පරීක්ෂාව සිදුකරන තවත් ජංගම කණ්ඩායම් 5ක් ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් වික්ටෝරියානු ප්‍රාන්තයට ලබා දීමට පියවර ගෙන තිබේ.

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now