තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ තවත් සාමාජිකයින් මුදාගැනේ : තවත් 5 ඇතුලේ

Emergency workers at the cave site in Chiang Rai, Thailand

Emergency workers at the cave site in Chiang Rai, Thailand Source: AAP

ගංවතුරෙන් යටව පවතින තායිලන්තයේ තම් ලුආන්ග් (Tham Luang ) ගුහාවේ සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් 8 දෙනෙකු මේවනවිට බේරාගැනීමට හැකිව ඇතැයි තායිලන්ත වාර්තා සනාථ කරයි. කණ්ඩායමේ තවත් 4 දෙනෙකු සහ පුහුණුකරු තවමත් ගුහාව තුල සිරවී සිටී. මොවුන් මේවන විට සති 2 ක කාලයක් ගුහාව තුල සිරව සිටිතැයි සඳහන්.

මෙම ගුහා සංකීර්ණය පවතින Payao ප්‍රදේශයේ ආණ්ඩුකාර Narongsak Osatanakorn  මධ්‍යට පවසා සිටියේ මෙලෙස බේරාගත් පාපන්දු කණ්ඩායමේ ළමුන් 8 දෙන යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින බවයි. එහෙත් විෂබීජ නිරෝධායන කටයුතු හේතුවෙන් ඔවුන් තවදුරටත්  සෞඛ්‍ය අංශ භාරයේ සිටින බව ද ඔහු පවසා සිටියේය

 


1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now