ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ශ්‍රමිකයින්ව සූරා කෑ සමාගම් සහ හාම්පුතුන් 140 කට වැඩ වරදී, සියලු නම් ගම් මෙන්න

සේවා ස්ථාන අයිතීන්, නියමිත පරිදි අදාළ මට්ටමේ වැටුප් ගෙවීම, රැකියා කොන්දේසි මෙන්ම සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබඳ එහිදී විමර්ශනය කර තිබේ.

An Australian Border Force emblem is seen on a uniform

An Australian Border Force emblem is seen on a uniform. Source: AAP / JULIAN SMITH/AAPIMAGE

ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳපොළේ සංක්‍රමණික සේවකයින්ගේ ශ්‍රමය සූරා කන සේවායෝජකයින් 140 කට අධික සංඛ්‍යාවකගේ ව්‍යාපාර කටයුතු සඳහා දඩ සහ සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය (ABF) පියවර ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ශ්‍රමිකයන්ව ශ්‍රම සූරාකෑමට ලක්කරන හාම් පුතුන් සහ සමාගම් සොයා ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය දියත්කළ සිය නවතම මෙහෙයුමේදී මෙය ක්‍රියාවට නංවා තිබේ. 

සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ ශ්‍රමය සූරා කන්නන් සොයා මෙහෙයුම්

2023 ජූලි මාසය පුරාවට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ නිලධාරීන් ඔස්ට්‍රේලියාව පුරා සිය මෙහෙයුම් දියත් කර ඇති අතර එහිදී සංක්‍රමණික සේවකයින්ට වීසා සඳහා අනුග්‍රාහකත්වය සපයන සේවා යෝජකයින්ව මූලික ඉලක්කය වී තිබිණි.

සේවා ස්ථාන අයිතීන්, නියමිත පරිදි අදාළ මට්ටමේ වැටුප් ගෙවීම, රැකියා කොන්දේසි මෙන්ම සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබඳ එහිදී විමර්ශනය කර තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

සංක්‍රමණික සේවකයින් සඳහා තමන්ගේ අනුග්‍රාහක වගකීම් කඩ කළ සේවා යෝජකයන්ට විශාල දඩ මුදල් පනවා ඇති අතර අනාගතයේදී සංක්‍රමණික සේවකයන් හට රැකියා ලබා දීමේ අවස්ථාවන්ද අත්හිටුවා දැමීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකායේ නිලධාරීන් පියවර ගෙන ඇත.

ඊට අමතරව එවැනි අක්‍රමිකතා සිදුකළ ව්‍යාපාර වල නම් සහ විස්තර ABF වෙබ් අඩවියේ සම්බාධක ලේඛනයේ ප්‍රසිද්ධියේ මේ වන විට පළ කර තිබේ.

එම ලේඛනයට මෙතනින් පිවිසිය හැකිය.

අදාළ සේවායෝජකයින්ට වැඩිදුර විමර්ශන

Fair Work Ombudsman සහ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඇතුළු ABF සමග කටයුතු කරන සෙසු ආයතන වෙත වැඩිදුර විමර්ශන සඳහා සංක්‍රමණික සේවකයින්ව සූරා කන ලද සේවායෝජකයන් යොමු කළ හැකි බව ABF වැඩබලන කමාන්ඩර් Vaughan Baxter පැවසීය.

සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙවීමේ හෝ සූරාකෑමේ ක්‍රමයට ඔස්ට්‍රේලියාවේ ඉඩක් නොමැති බවත් එසේ කළහොත් ඒවාට කෙදිනක හෝ වන්දි ගෙවීමට සිදුවන බව සංක්‍රමණික සේවකයින්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නා සේවායෝජකයින් දැන සිටිය යුතු බවත් කමාන්ඩර් Vaughan Baxter පැවසීය.

සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙවීම සහ ශ්‍රමය සූරාකෑම දිගුකාලීන ගැටලුවක් වන අතර එය සංක්‍රමණික සේවකයන්ට බරපතල ලෙස බලපෑ හැකි අතර ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කීර්තියට හානි කළ හැකි බවද ඔහු පැහැදිලි කළේය.

යම් කිසි සංක්‍රමණික සේවකයකු ශ්‍රම සූරා කෑමකට ලක්වනවා නම් හෝ නියමිත මට්ටමට වඩා අඩුවෙන් වැටුප් ලැබෙනවා නම් හෝ ඒවා පිළිබඳ නිර්ණාමිකව හෝ තම ආයතනය වෙත පැමිණිලි කරන ලෙසද ABF වැඩබලන කමාන්ඩර් Vaughan Baxter සංක්‍රමණික සේවකයින්ව දිරිමත් කළේය.

ඔබගේ වීසා තත්ත්වය කුමක් වුවත්, එම ගැටළු Border Watch හරහා පැමිණිලි කළ හැකි බවද ඔහු දැනුම් දුන්නේය. 

ජූලි මාසයේ ABF වැටලීම්වලදී සම්බාධක පැනවූ ව්‍යාපාර

ප්‍රාන්තයසම්බාධක පැනවූ ව්‍යාපාර සංඛ්‍යාව
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය49
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය40
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය22
වික්ටෝරියා ප්‍රාන්තය21
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය16

Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now