Air Bag දෝෂයක් හේතුවෙන් ඕස්ට්‍රේලියාව තුල රථවාහන මිලියන 2කට අධික සංඛ්‍යාවක් නැවත කැදවයි

Takata airbag recall

Takata airbag recall Source: Wikipedia

(ABC සහ SBS වෙබ් අඩවි වල පළවූ ලිපි සහ Product Safety Australia වෙබ් අඩවිය ඇසුරෙන්)

Takata නම් රථවාහන සදහා airbags ආරක්‍ෂිත උපාංගය නිෂ්පාදනය කරන ආයතනය මගින් නිෂ්පාදනය කර ඇති airbags වල දෝෂයක් හේතුවෙන් ලොව පුරා  විවිධ රටවලින් මරණ 18ක් වාර්තා වීමත් සමගින් අදාල රථවාහන නැවත කැදවීමට (Recall ) රථවාහන නිෂ්පාදන සමාගම් කීපයක් තීරණය කර තිබේ . ඕස්ට්‍රේලියාව  තුලද රථවාහන මිලියන 2.1ක් මෙම දෝෂයට හසු වී ඇති අතර ඉතිහාසයේ සිදු වූ විශාලතම වාහන නැවත කැදවීම  මෙය බවත් වාර්තා සදහන් කරයි.

පසුගියදා සිඩ්නි නුවරදී Honda CRV වර්ගයේ මෝටර් රථයක් අනතුරට ලක් වීමෙන් 58 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වූ අතර, airbags ආරක්‍ෂිත උපාංගයේ දෝෂයක් හේතුවෙන් එම මරණය සිදුවී ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබිණි.

මේ සමගින් මේ පිලිබදව සොයා බැලීමට ඕස්ට්‍රේලියාව තුල වැඩි අවධානයක් යොමු වූ අතර, Toyota, Mazda, Honda, BMW, Chrysler, Lexus, Mitsubishi, Nissan, සහ Subaru යන නිෂ්පාදන සමාගම් වලට අයත් වාහන මිලියන 2කට අධික සංඛ්‍යාවක Air Bag  උපාංගය මෙලෙස දෝෂ සහගත බව මේ වන විට හෙළි වී තිබේ. තවද මීට  පෙර BMW, Toyota, Mazda, Lexus සහ Subaru යන රථ වාහන නිෂ්පාදන සමාගම් මේ දෝෂය සදහා තාවකාලික විසදුමක් ලෙස නව උපාංගයක් සවි කිරීමට කටයුතු යොදා තිබු බව මාධ්‍ය වාර්තා සදහන් කරයි. ඕස්ට්‍රේලියාව  තුල අදාල දෝෂ සහිත Airbag උපාංගය ඇති වාහන නැවත කැදවීමට පියවර ගෙන ඇතත් පාරිභෝගිකයින්ට  අවම වශයෙන් මාස හයක කාලයක් ඒ සදහා බලා  සිටීමට සිදු වනු ඇති බව සදහන්.

ආදල Takata  airbag ආරක්‍ෂිත උපාංගය පුපුරා යාමේ අවධානමක් ඇති බව විශේෂඥයින් පෙන්වා දී ඇති අතර, ලොව පුරා  විවිධ රටවලින් අදාල දෝෂය හේතුවෙන් තුවාල සිදුවූ අවස්ථා 180ක් වාර්තා වන බව සදහන්. තවද ලොව පුරා රථවාහන මිලියන 100ක් මේ නිසා නැවත කැදවීමට සිදුවී තිබේ.

මේ සම්බන්දයෙන් හැකි ඉක්මනින් අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම (ACCC) මේ වන විටත් අදාල රථ වාහන නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව සදහන්. තම සමාගම විසින් නිෂ්පාදිත අදාල දෝෂ සහිත Airbag උපාංගය ඇති වාහන නැවත කැදවා  ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමේ ක්‍රියාවලිය ඕස්ට්‍රේලියාව තුල මේ වන විටත් ක්‍රියාත්මක බව Toyota සමාගම  පවසයි. Honda සහ Nissan සමාගම්ද ඕස්ට්‍රේලියාව  තුල අදාල දෝෂය සහිත වාහන නැවත කැදවීමට තම නියෝජිතයින්ට උපදෙස් ලබාදී ඇති බව සදහන්.  

මේ සදහා අනවශ්‍ය ලෙස කලබල නොවී තම වාහනය අදාල දෝෂ සහගත වාහන අතරට ඇතුලත්ව ඇත්දැයි Product Safety Australia වෙබ් අඩවිය මගින් සොයා බලා තම වාහනයේ නිෂ්පාදන සමාගම සමග සම්බන්ද වී අදාල ගැටලුව විසදා ගැනීමට කටයුතු කිරීම සුදුසුම ක්‍රියා මාර්ගය බව ඕස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ සභාපති Rod Sims මහතා ABC වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබිණි.

මෙම AirBag දෝෂයට ලක් වී ඇති වාහන පිළිබද විස්තර Product Safety Australia ආයතනයේ පහත වෙබ් අඩවිය මගින් ලබාගත හැකියි.

https://www.productsafety.gov.au/news/takata-airbag-recalls-affecting-australian-consumers

 


Share

3 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now