SKIP TO MAIN CONTENT

ස්වයං නිරෝධායනයට නියමවී සිටියදී පලාගිය 200 කට අධික පිරිසක් සොයා ක්වීන්ස්ලන්ත පොලීසිය විශේෂ මෙහෙයුමක් අරඹයි

AUSTRALIA CORONAVIRUS COVID-19
Queensland police are hunting more than 200 people who vanished from self-quarantine. (AAP) Source: AAP

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ස්වයං නිරෝධායනය සඳහා නියමකොට සිටියදී පලාගොස් ඇති පුද්ගලයින් 200 දෙනෙකු සොයා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇතැයි වාර්තාවේ.

ක්වින්ස්ලන්ත ප්‍රාන්ත දේශ සිමා හරහා ප්‍රාන්තයට ඇතුළුවුනු මෙම පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමුකොට ඇති අතර පසුව පොලිසිය සිදුකල පසු විමර්ශන වලදී හෙළිව ඇත්තේ එම පුද්ගලයින් නිවෙස් වල නොමැති බවයි.

මෙම 200 දෙනා අතරින් 185 දෙනෙකු ව්‍යාජ ලිපින සහ දුරකතන අංක ලබාදී ඇති අතර අනෙක් 25 දෙනා සත්‍ය ලිපින ලබාදී ඇතත් පොලීසිය සිදුකල ස්ථානීය පරික්ෂ කිරීම් වලදී ඔවුන් එම ස්ථාන වල නොසිටි බවද සඳහන්.

කෙසේ හෝ පොලීසිය විසින් මෙම පුද්ගලයින් සොයාගනු ඇති බවද , ඔවුනට දඩ හෝ මාස 6 ක සිරදඬුවමකට යටත්වීමට සිදුවෙනු ඇති බවද ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි අනස්ටේශියා පලාශේ පවසා සිටී.

ඊයේ දිනය (22/07) වන විට ක්වින්ස්ලන්තයෙන් අලුතෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති අතර එම පුද්ගලයා දැනට හෝටල් නිරෝධයනයෙහි දී සිටින අයෙකු බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now