ඉහල යන ජීවන වියදම් පීඩනය අඩු කිරීමට, ඕස්ට්‍රේලියානුවන් මිලියන 4.7 කගේ සුබසාධන ගෙවීම් ඉහළට (SBS සිංහල / වාර්තා)

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ ඉහල යන ජීවන වියදමත් සමග මතුව තිබෙන පීඩනය මැඩපැවැත්වීමේ අරමුණින්, මෙම මස අගදී මිලියන පහකට ආසන්න ඕස්ට්‍රේලියානුවන් සඳහා සුබසාධන ගෙවීම් ඉහල දැමීම සිදු වීමට නියමිතයි.

Social Services Minister Amanda Rishworth

Social Services Minister Amanda Rishworth says an indexation increase to welfare payments set to kick in on 20 September. Source: AAP / Morgan Sette

Key Points
  • ඉහළ යන ජීවන වියදම් පීඩනය අඩු කිරීමට මිලියන පහකට ආසන්න ඕස්ට්‍රේලියානුවන් පිරිසකගේ සුබසාධන ගෙවීම් ඉහලට
  • මිලියන 4.7 කට වැඩි ඕස්ට්‍රේලියානුවන් පිරිසක් ජීවන වියදම් පීඩනය සමග අරගලයක
ජීවන වියදම් පීඩනය සමඟ අරගල කරන ඕස්ට්‍රේලියානුවන් මිලියන 4.7කට වැඩි පිරිසක් මෙම සුබසාධන ගෙවීම් ඉහල දැමීමේ ප්‍රතිලාබ ලැබීමට නියමිතව තිබේ.

සැප්තැම්බර් 20 වෙනිදා සිට ආරම්භ වන මෙය, වසර 30 කට පසු සිදු වන දීමනා ඉහල දැමීමක් සහ වසර 12 කට පසු සිදු වන විශාලතම විශ්‍රාම වැටුප් වැඩිවීමක් වශයෙන් සමාජ සේවා අමාත්‍ය Amanda Rishworth පවසයි.

එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ වඩාත්ම අවාසි සහගත තත්වයට මුහුණ දෙන පිරිස ආරක්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ඇති බව සහතික කිරීමට අවශ්‍ය වන බවයි.

රජයක් වශයෙන් කිසිවකුත් මග නොහැරීමට වගබලාගන්නා අතර මෙම සුබසාධන ගෙවීම් ඉහල දැමීම රජයේ ගෙවීම් මත සිටින පිරිසගේ ජීවන වියදමට සහයක් ලබා දෙන බවත් අමාත්‍ය Amanda Rishworth පෙන්වා දෙයි.

Aged Pension
Aged Pension: Image for representation purposes only Source: AAP

පහත සඳහන් ගෙවීම් සඳහා වැඩි කිරීම් අදාළ වේ:
  • වයස්ගත විශ්‍රාම වැටුප්, ආබාධිත සත්කාර විශ්‍රාම වැටුප් සහ රැකවරණ ගෙවීම යන සියල්ල එක් පුද්ගලයකු සඳහා දෙසතියකට ඩොලර් 38.90ක් සහ එකම නිවසේ දෙදෙනෙකු සඳහා දෙසතියකට ඩොලර් 58.80කින් ඉහළ යයි.
  • උපරිම විශ්‍රාම වැටුප් අනුපාතය එක් පුද්ගලයකු සඳහා දෙසතියකට ඩොලර් 1,026.50ක් සහ විශ්‍රාමික යුවළක එක් එක් සාමාජිකයෙකු සඳහා ඩොලර් 773.80ක් හෝ යුවලකට ඩොලර් 1,547.60ක් දක්වා ඉහල යයි.
  • JobSeeker, Parenting Payment, ABSTUDY සහ නිවාස කුලී ආධාර ලබන්නන්ට ද ලැබෙන ආධාර ඉහළට යාම සිදු වේ.
  • දරුවන් නොමැති තනි පුද්ගලයින් සඳහා JobSeeker ඔස්සේ දෙසතියකට ඩොලර් 25.70කින් ඉහල යාම සිදු වේ. ඒ අනුව ගෙවීම ඩොලර් 677.20 දක්වා වැඩි වනු ඇති අතර Parenting Payment තනි පුද්ගලයකු සඳහා දෙසතියකට ඩොලර් 35.20ක් සමග ඩොලර් 927.40 දක්වා ඉහළ යනු ඇත.
  • හවුල්කාර JobSeeker ගෙවීම් සහ Parenting Payment ලබන්නන් සඳහා වන ගාස්තුව දෙසතියකට $23.40 කින් ඉහල යන අතර ඒ අනුව සමස්තයක් ලෙස $616.60 දක්වා වැඩිවේ.
ජූලි මාසයේදී මෙම පියවර සඳහන් කරමින් ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers පෙන්වා දුන්නේ විශ්‍රාමිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ වන සිල්ලර බඩු, විදුලිය සහ පෙට්‍රල් වැනි දෑ සඳහා ඉහල වියදමක් දැරීමට සිදු වන බවයි.

එමෙන්ම ඇතැම් විශ්‍රාම වැටුප් ලබන්නන්ට ගෙවීම් අඩු නොකර වැඩිපුර අදායම් ලැබීමට හැකි බවට පසුගියදා පැවති නිපුණතා සහ රැකියා සමුළුවේදී ඕස්ට්‍රේලියානු රජය සිදු කල නිවේදනයෙන් අනතුරුව මෙම වැඩිවීම් සිදුවන බව වාර්තා වේ.

Share

Published

Updated

By Nipuna Dodangoda
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඉහල යන ජීවන වියදම් පීඩනය අඩු කිරීමට, ඕස්ට්‍රේලියානුවන් මිලියන 4.7 කගේ සුබසාධන ගෙවීම් ඉහළට (SBS සිංහල / වාර්තා) | SBS Sinhala