ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩක් පමණ ඉතා අධික ලෙස සීනි භාවිතා කරන බවට වාර්තා වෙනවා. සිඩ්නි විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද පර්යේෂණයකින් හෙළි වී තිබෙන්නේ, ජනගහණයෙන් 55%ක් පමණම ලෝක සවුක්ය සංවිධානය විසින් අනුමත කරන ලද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සීනි පරිභෝජනය කරන බවයි.
ඔස්ට්‍රේලියානුවන් වැඩි දෙනෙක් මේ ආකාරයෙන් තම ශක්ති ප්‍රමාණයෙන් 10%ක්ම පැණි බීම, සිරප්, පළතුරු බීම ආදිය මඟින් ලබා ගන්නවා. ඔස්ට්‍රේලියානුවන් බොහෝ දෙනෙක් මෙසේ බීම වර්ග හා කේක්, බිස්කට්, පේස්ට්‍රි වැනි විවිධ අවස්ථා වලදී අනුභව කරන ආහාර මඟින් සීනි ලබා ගන්නා බවට හෙළි වී තිබෙනවා. මෙම අධයනය සිදුකළ ආචාර්ය Jimmy Lonie පවසන්නේ වසර 1995 සිදුකළ සමීක්ෂණයකට සමාන දත්ත මෙවරද හමුව ඇති බවයි.
බොහෝදෙනා පාන්, යෝගට්, සීරියල් වැනි ආහාර වල අඩංගු සීනි ප්‍රමාණය ශරීරයට එක් වනු ඇතැයි සිතන බව හෙළි වී තිබෙනවා. තවද 80% - 90% අතර සීනි ප්‍රමාණයක් ශරීරයට එකතු වන්නේ විවිධ අවස්ථාවන් වලදී ආහාරයට ගන්න දේ වලින් බව (ප්‍රධාන කෑම වේල් වලින් නොව) හෙළි වී තිබෙනවා. මේ නිසා ඔස්ට්‍රේලියාව තුළ මහජන සවුක්ය වැඩසටහන් වලදී පැණි බීම, කේක් ආදිය වෙනුවට වෙනත් ආහාර වලට ජනතාව යොමු කළ යුතු බවද සඳහන් වෙනවා.
මෙම සමීක්ෂණයට අනුව වයස අවුරුදු 13 ට අඩු දරුවන් 75%ක්ම ලෝක සවුකය සංවිධානය අනුමත කරන ප්‍රමාණයට වඩා වැඩි සීනි ප්‍රමාණයක් දිනකට පරිභෝජනය කරනවා. මේ හේතුව නිසාම ඔස්ට්‍රේලියාව තුළ sugar tax එකක් හෙවත් සීනි බද්දක් අය කළයුතු බවට සිඩ්නි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Timothy Gill පවසනවා. විශේෂයෙන්ම එසේ sugar tax එකක් පැණවීම තුළින් වැඩිය මුදල් වියදම් කිරීමට හැකියාවක් නොමැති නව යොවුන් තරුණ පරපුරට සීනි භාවිතය අවම කිරීමට සිදුවන බව සඳහන්. දැනටමත් එක්සත් රාජධානියේ soft drinks කර්මාන්තයට මෙම sugar tax එක පනවා තිබෙනවා. ඕස්ට්‍රේලියානු පෝෂණවේදීන්ගේ සංගමය පවසන්නේ සීනි වලට පමණක් බැණවැදීම නැවතා ඔස්ට්‍රේලියානුවන් සමබල, පෝශණවත් ආහාර වේල් අනුභව කරමින් ඉඳහිට පමණක් සීනි සහිත ආහාර ගැනීමට පියවර ගත යුතු බවයි. ලෝක සවුකය සංවිධානය අනුමත කරන්නේ සීනි පරිභෝජනය 10%කින් අඩු කිරීමත්, එය තවත් තේ හැඳි හයකින් (25g) අඩු කළහොත් ශරීරයට හිතකර බවයි.

