Highlights
ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 67 ක් වාර්තා වී ඇති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 26 ක්ද, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 17 ක්ද, වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 15 ක්ද ඊට ඇතුළත් වේ.
ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.
මෙම පත්වීම් නීත්‍යානුකූල බවත් එක් අවස්ථාවකදී හැර තමන් කිසිවිටෙක එම හදිසි බලතල ක්‍රියාත්මක නොකළ බවත් ඔහු පැවසීය.
"අර්බුද මධ්‍යයේ එම හදිසි බලතල ක්‍රියාත්මක කිරීම විචක්ෂණශීලී, වගකිවයුතු ක්‍රියාවක් බව මම විශ්වාස කළා" යනුවෙන් ඔහු පැවසීය.
COVID-19 lockdown කිරීම්වලදී මාර්ගවල පොලිසිය සහ හමුදා සිටීම සරණාගතයින්ව සහ රැකවරණය පතා ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණි පුද්ගලයින්ව කම්පනයට පත් කළ බව නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තු විමර්ශනයකට හෙළි කෙරිණි.
බටහිර ඕස්ට්‍රේලියාවට ඉක්මනින්ම හදිසි තත්ත්වය වෙනුවට නව නීති සම්පාදනය කළ හැකි අතර, රෝහල්වල, aged-care නිවාසවල සහ පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ පැළදීමේ විධානයන් පරීක්ෂා කිරීමට බලධාරීන්ට ඒ අනුව ඉඩ සලසයි.
Monkeypox වයිරසය නැවත නම් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයට නාම යෝජනා කිහිපයක් ලැබී ඇත. Poxy McPoxface, TRUMP-22 සහ Mpox ඒවායින් සමහරක් නම් වෙයි.

