ඔස්ට්‍රේලියානුවන්ගේ ආයු කාලය ඉහළ ගියමුත් 50%කට නිදන්ගත රෝග : නවතම වාර්තාවකින් හෙළිවෙයි. (SBS සිංහල / වාර්තා)

අදාළ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානුවන්ගේ අපේක්ෂිත ආයු කාලය ඉහළ මට්ටමක පවතියි. 2012 සහ 2014 අතර කාලයේ ඉපදුණු පිරිමි දරුවන්ගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලය වසර 80.3ක් වන අතර ගැහැණු දරුවකුගේ වසර 84.4ක් වේ. ආයු කාලය දිගු වුවද ඔස්ට්‍රේලියානුවන්ගෙන් 50%ක් නිදන්ගත රෝගවලින් පෙලෙන බවද එම වාර්තාව පෙන්වා දෙයි. හෘද්වාහිනි රෝග (cardiovascular disease), සන්ධිප්‍රදාහය (arthritis), දියවැඩියාව හෝ මානසික රෝග ඒ අතර වේ. මීට අමතරව 25%ක් දෙනා හට මෙවැනි නිදන්ගත රෝග දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති බවද හෙළිවී තිබේ.

Australian Health

Source: Shutterstock

තම සෞඛ්‍යය හොඳයි, ඉතා හොඳයි හෝ අද්විතීයයි යනුවෙන් 85%ක් ඔස්ට්‍රේලියානුවන් පැවසුවත් සැබෑ කාරණය වන්නේ බහුතරය සැලකිය යුතු ලෙස එළවළු ආහාරයට නොගැනීම සහ අඩකට ආසන්න ප්‍රමාණයක් ඇති තරම් ව්‍යායාම නොකිරීම හේතුවෙන් වැඩිහිටියන්ගේ ස්ථුලතාව සහ බර අධික ලෙස වැඩි වීමය.

මෙම සතිය මුලදී Australian Institute of Health and Welfare (AIHW) හෙවත් සෞඛ්‍යය සහ සුබ සාධනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනය මගින් එළි දැක්වූ ද්විවාර්ෂික වාර්තාවෙහි මෙම කරුණු අඩංගුව ඇත.

අදාළ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියානුවන්ගේ අපේක්ෂිත ආයු කාලය ඉහළ මට්ටමක පවතියි. 2012 සහ 2014 අතර කාලයේ ඉපදුණු පිරිමි දරුවන්ගේ අපේක්ෂිත සාමාන්‍ය ආයු කාලය වසර 80.3ක් වන අතර ගැහැණු දරුවකුගේ වසර 84.4ක් වේ. ආයු කාලය දිගු වුවද ඔස්ට්‍රේලියානුවන්ගෙන් 50%ක් නිදන්ගත රෝගවලින් පෙලෙන බවද එම වාර්තාව පෙන්වා දෙයි. හෘද්වාහිනි රෝග (cardiovascular disease), සන්ධිප්‍රදාහය (arthritis), දියවැඩියාව හෝ මානසික රෝග ඒ අතර වේ. මීට අමතරව 25%ක් දෙනා හට මෙවැනි නිදන්ගත රෝග දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඇති බවද හෙළිවී තිබේ.

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ දුම් බීමේ ප්‍රමාණය සහ ළදරු මරණ අනුපාතය පහත බැස ඇති බවද මෙම වාර්තාව අනාවරණය කරයි. නමුත් ඔවුන්ගේ අපේක්ෂිත ආයු කාලය ස්වදේශික නොවන ඔස්ට්‍රේලියානුවන්ගේ අපේක්ෂිත ආයු කාලයට වඩා දශකයක් අඩු බවද එහි සඳහන්. ඒ අනුව ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ පිරිමියකුගේ සාමන්‍ය අපේක්ෂිත ආයු කාලය වසර 69.1ක් වන අතර කාන්තාවකගේ සාමන්‍ය අපේක්ෂිත ආයු කාලය වසර 73.7කි.

2014 -2015 අතර කාලයේ වයස අවුරුදු 18ත් 64ත් අතර වැඩිහිටියන් සෞඛ්‍යය ප්‍රතිලාභ ලැබීම තරම් සක්‍රීය නොවන බවද මෙම වාර්තාව මගින් පෙන්වා දෙයි. දිනපතා ආහාරයට ගතයුතු නිර්දේශිත එළවළු වේල් පහ  93%ක් වැඩිහිටියන් නොගන්නා බවත්  දිනපතා ආහාරයට ගතයුතු නිර්දේශිත පලතුරු වේල් දෙක 50%ක් වැඩිහිටියන් නොගන්නා බවත්  මෙහිදී අනාවරණය විය. 1995 සහ 2014-15 අතර කාලයේදී වැඩිහිටියන්ගේ බර සහ ස්ථුලතාව වැඩිවීම 56% සිට 63% දක්වා වැඩිවී ඇති බවත් හෙළිවී තිබේ.

ඔස්ට්‍රේලියානුවන්ගේ දිනචරියාවත් සමග බැදුණු මෙම නිදන්ගත රෝග නිසා ඔවුන් ඔවුන්ගේ ජීවිත අවදානම් තත්ත්වයකට හෙළා ඇති නමුත් එයට පිළියම් තිබෙන බවද මෙම වාර්තාව පෙන්වා දෙයි. එම වාර්තාවට අනුව දුම්බීම, කායික අක්‍රීයතාව, දුර්වල පෝෂනීයත්වය සහ හානිකර මට්ටමින් මත්පැන් ගැනීම මෙම නිදන්ගත රෝග සඳහා මග පාදන අවදානම් කරුණු වේ.

ඔස්ට්‍රේලියාවේ සමාජ ආර්ථික කරුණුද මෙම අවදානම් කරුණු සඳහා බලපාන බව සෞඛ්‍යය සහ සුබ සාධනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ ප්‍රධාන විධායක Barry Sandison පැවසීය.

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වතාවට හෘද්වාහිනි රෝග හේතුවෙන් මිය යන ප්‍රමාණය (43,600) ඉක්මවා සියලු ආකාරයේ පිළිකා නිසා මිය යන ප්‍රමාණය (44,100) වැඩි වී ඇති බවද අනාවරණය වී තිබේ. කෙසේ නමුත් වැඩිම ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ කිරීට හෘද රෝග නිසා බවත් එම ප්‍රමාණය 2013 වසරේදී 19,800ක් බවත් සඳහන්.

මීට අමතරව රජය, තනි පුද්ගලයන් සහ පුද්ගලික සෞඛ්‍යය රක්ෂණ සමාගම් මේ සම්බන්ධයෙන් දරණ පිරිවැයද මෙම වාර්තාව සොයා බලා තිබේ. එම වාර්තාවට අනුව පසුගිය දශකය තුළ  සෞඛ්‍යය සම්බන්ධ වියදම් වසරින් වසර වැඩි වීමක් දක්නට ලැබුනත් පසුගිය වසර දෙක ඇතුළත එහි මන්දගාමීත්වයක් දක්නට ලැබී ඇත.

2013-14 කාලයේදී ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍යය සඳහා ඩොලර් බිලියන 155ක මුදලක් වැය කර තිබෙන අතර ඩොලර් බිලියන 145ක් පුනරාවර්තන වියදම් ලෙස ගණන් බලා ඇත. 2013-14 කාලයේ සෞඛ්‍යය සඳහා වැය කළ මුළු වියදමෙන් 68%ක් රජය දැරූ අතර ඉන් 41%ක් ෆෙඩරල් රජයද සෙසු 27% ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් විසින්ද දරණ ලදී.

ඒ අනුව රජයේ පූර්ණ ආදායමෙන් ¼ක් සෞඛ්‍යය සඳහා වැය වන බවද මෙමගින් අනාවරණය වී ඇත. 


Share

Published

By Madhura Seneviratne
Source: The Guardian Australia

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service