පසුගිය මාසයේ නිකුත් කරන ලද අධ්‍යයනයකට අනුව කොවිඩ් වසංගතය ආරම්භයේ සිට කොවිඩ් රෝගයේ පොදු රෝග ලක්ෂණ වෙනස් වී ඇත.
උණ, හුස්ම ගැනීමේ අපහසුතාවය සහ රසය සහ සුවඳ නැතිවීම වැනි සාම්ප්‍රදායික කොවිඩ් රෝග ලක්ෂණ දැන් බොහෝ පහළ මට්ටමක පවතී.
ඒ අතරේ උගුරේ අමාරුව, හිසරදය, නාසයෙන් සොටු දියර ගැලීම සහ නොකඩවා පවතින කැස්ස වඩාත් සුලභ රෝග ලක්ෂණ ලෙස දැන් වාර්තා වේ.
පුද්ගලයෙකුගේ කොවිඩ් එන්නත් ලබාගෙන ඇති තත්ත්වය අනුව, රෝග ලක්ෂණ තීව්‍ර වීමේ තරමද වෙනස් වේ.
අධ්‍යයනයට අනුව, COVID සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළහොත් එන්නත් කරන ලද අය අතර කිවිසුම් යාම සුලභ වූ අතර, එන්නත් නොකළ අය අතර උණ තවමත් පොදු රෝග ලක්ෂණයකි.
“කොවිඩ් එන්නත් ලබා ගෙන තිබියදීත් ඔබට හේතුවක් නොමැතිව කිවිසුම් යාමට පටන් ගෙන තිබේ නම්, ඔබ COVID පරීක්‍ෂණයක් සිදුකළ යුතුය, විශේෂයෙන් ඔබ රෝගයෙන් වැඩි අවදානමක් ඇති පුද්ගලයින් සමඟ ජීවත් වන්නේ නම් හෝ රැකියා කරන්නේ නම් ඒ සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතුය” එවකට උපදේශකයින් ප්‍රකාශ කළේය.

“2020 දී අපි නිශ්චිත සහ දරුණු රෝග ලක්ෂණ දුටුවා. නමුත් අපි 2021 සහ 2022 වෙත ගමන් කරන විට, එය පුළුල් හා බරපතල බවින් අඩු වුණා." වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය M Shahbaz Chaudhry පැවසීය.
“දැන් එය ප්‍රධාන වශයෙන් සෙම්ප්‍රතිශ්‍යාව හා ඉන්ෆ්ලුවන්සාව වැනි රෝග ලක්ෂණ වලට සමානයි. ඇතැම් විට gastroenteritis සහ පාචනය ආශ්‍රිත රෝග ලක්ෂණ ද පෙන්නුම් කරනවා." ඔහු තවදුරටත් පැවසීය.
කොවිඩ් එන්නත් කිරීමෙන් ලැබෙන ප්‍රතිශක්තිය සහ පෙර ආසාදනය වීම් මෙම වෙනස් වීමට අර්ධ වශයෙන් දායක වන බව වෛද්‍ය Chaudhry සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෘදු රෝග ලක්ෂණවලින් අදහස් වන්නේ ඇතැමුන්ට COVID ඇති බව නොදැන හෝ කොවිඩ් පරීක්ෂා කිරීම සඳහා සංඥාවකි.
“රෝගීන් සායනයට ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති නිසා. නමුත් ඔවුන්ට රෝග ලක්ෂණ අඩුයි. ඇතැමුන්ට දින පහකට හෝ 10කට පෙර මද වශයෙන් සෙම්ප්‍රතිශ්‍යාවක් ඇති වූ බව පමණක් මතකයි” යනුවෙන් වෛද්‍ය M Shahbaz Chaudhry පැවසීය.
Omicron ප්‍රභේද XBB සහ BQ.1 ප්‍රජා සම්ප්‍රේෂණය සමඟ ඔස්ට්‍රේලියාව නව COVID රැල්ලකට ඇතුළු වන විට කිසියම් රෝග ලක්ෂණයක් පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීම සහ කුමන ආකාරයේ හෝ සැකයක් ඇත්නම් පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය Chaudhry ප්‍රකාශ කළේය.
“විශේෂයෙන් ඔබට වේදනාවල් ඇත්නම්, පරීක්ෂා කළ යුතුයි. ඔබට අසාමාන්‍ය ශරීර වේදනාවක්, උදාසීන බවක් හෝ තෙහෙට්ටුවක් තිබේ නම්, අවම වශයෙන් RAT පරීක්ෂණයක් කළ යුතුයි, නැතිනම් ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කළ යුතුයි," වෛද්‍ය Chaudhry උපදෙස් දුන්නේය.
නව ප්‍රභේදයන්ගෙන් සිදුවන ආසාදනය සමාන බරපතලකමකින් යුත් පෙර Omicron ප්‍රභේදවලින් ඇති කළා වැනි රෝග ලක්ෂණ වලට තුඩු දෙන බව කියනු ලැබේ.
"ඒ පිළිබඳ සාක්ෂි තවමත් ලැබෙමින් පවතින අතර, විදේශයන්හි මෙම ප්‍රභේද දෙක සමඟ අද දක්වා ඇති අත්දැකීම්වලට අනුව ඒවා දරුණු රෝගාබාධ හා මරණයට වැඩි අවදානමක් ඇති බවක් නොපෙන්වයි" යනුවෙන් සෞඛ්‍ය හා Aged Care දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
“COVID-19 එන්නත් මේවාට එරෙහිව හොඳ ආරක්ෂාවක් සපයයි,” යනුවෙන්ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

