SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ සුපිරි යතුරු පැදි ශූර ආනන්ද වෙඩිසිංහ දිවියෙන් සමු ගනියි.

Motorsports rider Ananda Wedisinghe passes away
Source: News 24

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily News



Skip to article content

ශ්‍රී ලංකාවේ සුපිරි යතුරු පැදි ශූර ආනන්ද වෙඩිසිංහ මහතා ඊයේ (29/05) දිනයේදී අභාවප්‍රාප්ත විය.

පසුගිය අප්‍රේල් මස 23 වන දින පැවති නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගයේදී අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගිය බව වාර්තා වේ.

මිය යන විට 47 වන වියෙහි පසුවූ  වෙඩිසිංහ මහතා සිවුදරු පියෙකි.

අනතුරට මුහුණදුන් දිනයේ සිට සති 5 ක කාලයක් කෘතිම ශ්වසන උපකරණයක් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි වෙඩිසිංහ මහතා ජීවිතක්ෂයට පත්වන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වෙඩිසිංහ මහතා වැඩි දුර ප්‍රතිකාර සඳහා ජපානයට රැගෙන යෑමට ඔහුගේ බිරිද සහ දරුවන් උත්සාහ කළද ඒ සඳහා අවශ්‍ය වූ රුපියල් මිලියන 39 ක් පමණ වූ මුදල කඩිනමින් සොයාගත නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක වූ බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now