Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් (SBS සිංහල/ වාර්තා)

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ Jason Wood මන්ත්‍රීවරයා ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්තැමබර් 05) සිය කතාව සිදු කළේය.

The empty chamber of the House of representatives is seen at Parliament House in Canberra, Monday, November 27, 2017.
The empty chamber of the House of representatives is seen at Parliament House in Canberra. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ La Trobe මැතිවරණ බල ප්‍රදේශය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට තේරී පත්වූ ලිබරල් සන්ධානයේ මන්ත්‍රී Jason Wood ඊයේ (සැප්තැම්බර් 05) ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ කතාවක් කරමින් මෝසමක් ඉදිරිපත් කළේය.

ඔස්ට්‍රේලියාවේ මීට පෙර පැවති ලිබරල් සන්ධාන රජයේ රේගු, ප්‍රජා ආරක්ෂාව සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍යවරයා ලෙස Jason Wood කටයුතු කළේය.

ඔහු ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග ඉතා සමීපව කටයුතු කරන මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.

විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සංවිධානය කරනු ලබන විවිධ උත්සව සහ අවස්ථා සඳහා ඔහු සුලබව සහභාගී වන චරිතයක් වන අතර මෙරට ශ්‍රී ලාංකික ප්‍රජාව සඳහා විවිධ අන්දමින් රජයේ සහයෝගය ලබාදීමට ඉදිරිපත් වුනු මන්ත්‍රීවරයෙක් විය.

MP Jason Wood makes a special statement in the Australian Federal Parliament about the crisis in Sri Lanka

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක්

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ඇතිවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ Jason Wood මන්ත්‍රීවරයා ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී ඊයේ (සැප්තැමබර් 05) සිය කතාව සිදු කළේය.

"මගේ La Trobe මැතිවරණ කොට්ඨාසයේ විශාල ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානු ප්‍රජාවක් සිටිනවා, ලංකාවේ මෙම බිහිසුණු අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ පවුල්වල, මිතුරන්ගේ සහ සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය හේතුවෙන් ඔවුන් විඳින දුෂ්කරතා, දුක් සහ මානසික පීඩාවන් පිළිබඳ ඔවුන්ගේ කථා මම අසා තිබෙනවා. ලංකාවේ සිටින ඔවුන්ගේ ආදරණීයයන් වෙනුවෙන් ඔවුන්ගේ වේදනාව සෑම දිනකම මට ඇසෙන අතර ඒවා මට වැටහෙනවා." යනුවෙන් ඔහු මධ්‍යම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය මානුෂීය අර්බුදයකට තල්ලු වෙමින් තිබෙන බව Jason Wood මන්ත්‍රීවරයා ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂය වන ලිබරල් සන්ධාන සාමාජිකයින්ගේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින්ගේ ද නොසැලෙන සහයෝගය ශ්‍රී ලාංකීය ප්‍රජාවට සහතික කළ හැකි බව ද ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට සෞඛ්‍ය උපකරණ ඇතුළු මානුෂීය ආධාර ලබාදීමට ඔස්ට්‍රේලියාවේ පසුගිය ලිබරල් සන්ධාන රජය සහ නව කම්කරු රජය ද්විපාර්ශ්වික සහයෝගයක් ලබා දීම විශිෂ්ට කටයුත්තක් බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසුවේය.

A police officer is pictured in the middle of a crowd of protesters.
Police respond after hundreds of university students, trade union members and civil rights activists took to the streets on 30 August to condemn the government's enforcement of the Prevention of Terrorism Act (PTA) to crack down on anti-government protesters. Source: AAP / Chamila Karunarathne

ලංකාව වෙනුවෙන් ආයාචනයක්

වත්මන් ශ්‍රී ලංකාවේ පවතින මෙම අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියානු ප්‍රජාව අත්විඳින කණගාටුව සහ පීඩාව අවබෝධකරගන්නා ලෙස තමන් පාර්ලිමේන්තු සභාවෙන් ඉල්ලා සිටින බවත් මෙම ජාතීන් දෙක අතර ඇති විශාල මිත්‍රත්වයේ බැඳීම නැවත සිහිපත් කරන බවත් Jason Wood මන්ත්‍රීවරයා ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී ඊයේ සඳහන් කළේය.

ශ්‍රී ලාංකික ප්‍රජාව සෑම විටම ඉතා උණුසුම් හා කරුණාවන්ත වීම ගැන තමන් ඔවුන්ට ස්තූතිවන්ත වන බවත් ඔහු පැවසීය.

"වික්ටෝරියා ප්‍රාන්තයේ බෙරික් බෞද්ධ විහාරය ඇතුළු ඔස්ට්‍රේලියාවේ බෞද්ධ විහාරවල තිබෙන බොහෝ උත්සවවලට මම සහභාගී වී තිබෙනවා, ඔවුන් ඔස්ට්‍රේලියාවේ සිටින අනෙක් අයට උදව් කිරීම ඉතා හොඳින් සිදු කර ඇති අතර දැන් ඔවුන් ආපසු ශ්‍රී ලාංකිකයින්ට උපකාර කිරීමට මුදල් රැස් කරනවා." යනුවෙන් ද Jason Wood මන්ත්‍රීවරයා සිය කතාවේදී සඳහන් කළේය.


3 min read

Published

Updated

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now