SKIP TO MAIN CONTENT

මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යයි.

MR will go to Supreme Court.
Source: Ada Derana

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය පිළිබඳ වූ ව්‍යවස්ථාවේ 20 වන වගන්තිය සංශෝධනයට එරෙහිවන ලෙස හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජනතා සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම පළාත් සභා මැතිවරණය  කල් දැමීම උදෙසා ගෙනෙනු ලබන  ව්‍යවස්ථාවේ 20 වන වගන්තිය සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවද ඔහු ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුවේ සිටින සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් පාර්ලිමේන්තුවට තේරී පත්වුයේ තමන් මෙහෙයවූ මැතිවරණ ව්‍යාපාරය හරහා බවද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරී පත්වුයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතාන්ත්‍රික නොවන රජයකට සහය දීමට නොවන බව මම මතක් කිරීමට කැමතියි. ශ්‍රී ලංකාවේ පළාත් සභා වල මැතිවරණ කල් දැමීම හෝ පවතින පළාත් සභාවල නිල කාලය දීර්ඝ කිරීමට ගෙනෙන කුමන හෝ යෝජනාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් විරුද්ධ විය යුතුයි." යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now