SKIP TO MAIN CONTENT

මහින්දගේ හිටපු රියදුරු රිමාන්ඩ්.

Sri Lanka Politics
Source: DNA India

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියැදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා ලබන ජුනි 27 වන දින තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (13/06) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 08 අංශය විසින් ඊයේ  අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now