තරගයේ අවසන් පන්දු වාරයේ තුන් වන පන්දුව යවා අවසන් වන විට බංග්ලාදේශය ලකුණු 145 ක් ලබාගෙන ජයග්‍රහණය සදහා ලකුණු 2ක් ලබාගත යුතුව තිබුනත් ඊලග පන්දු තුනේදී කදුළු තුනක් දැවී යාම හේතුවෙන් එක ලකුනක ජයක් ඉන්දියාවට හිමි විය.
මෙම තරගයේ පලමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 7ක් දැවී ලකුණු 146ක් වාර්තා කල අතර අනතුරුව පිළිතුරු ඉනිම ආරම්භ කල බංග්ලාදේශයට තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 147ක් ඉලක්කයක් හිමි විය.
තරගයේ අවසන් පන්දුවාරය තෙක් ඉතා සාර්ථක ලකුණු රැස් කීරීමක නිරත වූ බංග්ලාදේශ පිති කරුවන් තිදෙනෙක් අවසන් පන්දු තුන තුලදී දවා ගැනීමත් සමග ජයග්‍රහණය තමන් වෙත නතු කරගන්නට ඉන්දීය ක්‍රීඩකයින් සමත් විය. ඉන්දීය කණ්ඩායමේ Hardik Pandya තරගයේ අවසන් පන්දුවාරය යැවූ අතර එම පන්දුවාරයේ දෙවැනි සහ තුන්වැනි පන්දු වලදී හතරේ පහර දෙකක් එල්ල කරමින් බංග්ලාදේශයේ ලකුණු සංඛ්‍යාව 145ක් බවට පත් කරන්නට මුෂ්ෆිකර් රහීම් සමත් විය. අනතරුව තරගයේ ජයග්‍රහණය සදහා පන්දු 3ක දී ලකුණු 2ක් ලබාගත යුතු වුවත් අවසන් පන්දු වාරයේ සිව්වැනි පන්දුවේදී Pandya යැවූ පන්දුවකට Dhawan අතට උද පන්දුවක් ලබාදීමෙන් රහීම් පිටියෙන් ඉවත් වූ අතර ඊලග පන්දුවේදී Mahmudullah පිටියෙන් ඉවත් කරන්නට Pandya සමත් විය. තරගයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය සදහා ලකුණු 2ක් වාර්තා කල යුතුව තිබියදී Mustafizur Rahman දුවද්දී දැවීයාමකට හසු කරගන්නට ඉන්දීය නායක දෝනි සමත් වීමත් සමගින් තරගයෙන් එක් ලකුනක තියුණු ජයක් ඉන්දියාවට හිමි විය.
අද තරග බිමට
මෙවර 20-20 ලෝක කුසලානයේ කාන්තා අංශය යටතේ අද ශ්‍රීලංකා කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමගින් තරග වදින අතර, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පාකිස්ථානය සමගින්ද, එංගලන්ත කාන්තා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමගින්ද තරග වැදීමට නියමිතයි.
හෙට තරග බිමට
මෙවර 20-20 ලෝක කුසලානය යටතේ හෙට ඕස්ට්‍රේලියාව පාකිස්ථානය සමගිනුත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දකුණු අප්‍රිකාව සමගිනුත් තරග වැදීමට නියමිතයි.

