Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

Donald Trump ගේ 2005 බදු ප්‍රතිලාභ වාර්තාව MSNBC රූපවාහිනියෙන් ප්‍රසිද්ධ කෙරේ.

MSNBC releases President Donald Trump's 2005 Tax return
Source: EPA

ඇමෙරිකානු ජනාධිපති Donald Trump ගේ 2005 වසරේ බදු ප්‍රතිලාභ වාර්තාව MSNBC රූපවාහිනියෙන් හෙළිදරව් කර තිබේ.

එම වාර්තාවට අනුව 2005 වසරේ Donald Trump ගේ ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ඉක්මවන බව සඳහන්.

එම ආදායම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 38ක බදු මුදලක් ද  Donald Trump විසින් ගෙවා ඇති බව පෙන්වා දෙයි.

MSNBC රූපවාහිනියේ Rachel Maddow නමැති නිවේදිකාව විසින් මෙම බදු වාර්තාව අද (15/03) ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා වේලාවෙන් මධ්‍යහන 12 ට තම වැඩසටහන ඔස්සේ ප්‍රචාරය කරන ලදී.

ඇයට මෙම ලිපි ලේඛන ලැබුණේ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන David Cay Johnston මගින් බවද Rachel Maddow  සඳහන් කරයි.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now