අයහපත් කාලගුණයෙන් 151ක් මිය යයි.111ක් අතුරුදහන්.

Sri Lanka Mudslide

Source: SBS

ශ්‍රී ලංකාවට මේ වන විට බලපා ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් තවත් පුද්ගලයින් 111ක් අතුරුදන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

රත්නපුර, කළුතර, මාතර, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, කෑගල්ල, මාතලේ, නුවර, වව්නියාව, මුලතිව්, කොළඹ, මඩකළපුව, ත්‍රිකුණාමලය, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබේ.

මෙම දිස්ත්‍රික්කවල පවුල් එක් ලක්ෂ 14,124කට අයත් පුද්ගලයින් හාර ලක්ෂ 42,299 දෙනෙකු ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවද වාර්තා වේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 71ක් වාර්තා වන අතර තවත් විසි දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

එම දිස්ත්‍රික්කයේ පවුල් 7,642කට අයත් පුද්ගලයින් 33,248 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 134ක රැදී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික්කයෙන් මරණ 43ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 68 දෙනෙකු අතුරුදන්ව සිටියි.

පවුල් 1398කට අයත් පුද්ගලයින් 5272 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 43ක රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මාතර දිස්ත්‍රික්කයේ මරණ 14ක් වාර්තා වන අතර පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදන්ව තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ මරණ 8ක් ද , හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මරණ 5ක් ද , ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 3ක් ද , කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 2ක් ද වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 5048කට අයත් පුද්ගලයින් 21,918 දෙනෙකු අවතැන්ව ආරක්ෂිත ස්ථාන 43ක රැදී සිටින බව සඳහන්.


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now